Quantcast
Channel: අනිත් කොන - a doctor's heart sutra
Viewing all 239 articles
Browse latest View live

ටිපීගේ සමයං samaga හරි දඟ පොඩි කාලේ

$
0
0

ප්‍රභානී තෙන්නකෝන් සොයුරිය විසින් රචිත,

ටිපීගේ සමයං
හරි දඟ පොඩි කාලේ
යන කෘති ද්විත්වය ගැන කතා කරන්නට ඇගේ පොත් දොරට වැඩුමේදී මට අවස්ථාව ලැබුනා. මේ පොත් දෙක ගැන මගේ කතා බහ මම හිතුවා ලියා තබන එක හොඳයි කියලා.

මොකද මේ පොත් දෙක වැඩිහිටියන් වශයෙන්ද, දෙමාපියන් වශයෙන්ද මම ,ඔබ අපි සෑම දෙනාම කියවිය යුතුම පොත් දෙකක් නිසා.
මේ පොත් ගැන මට කතා කරන්න තියෙන්නෙ වෙනස්ම මාතෘකාවක්. “ළමා මනස සහ මව්පිය භාවය“ මූලික කරගෙන මේ පොත් ගැන කතා කරන්න පුළුවන්දැයි යෝජනාවක් ලැබුනා. ඉතින් ඒ ගැන කියන්න මම ටිපීගේ සමයං පොතෙන් මෙන්න මේ කියමන් ටික එකතු කරගත්තා

ටිපී මහතාට එක තැනක එක විදිහකට ඉන්නවා යනු මරන්න දෙයකි.
ටිපී මහතා පරිසරය කෙරෙහි මහත්වූ ආදරයෙන් සිටින දරුවෙකි. ටිපී බොහෝ සේ ආදරණීය දරුවෙකි එමෙන්ම ඉතාමත් දඟ දරුවෙකි
“ටිපී මහතා ඉතාමත් කුතුහල පැංචෙකි.
ටිපී මහතා හා මග බැසීම යනු මහ අතුරු කරදර තොගයක මුලකි. ඔබ කවුරුත් දන්නා පරිදි ටිපී මහතා උපන්ගෙයිම දඟයෙකි

මේ සමාජයේ වැඩිහිටියන් බවට පත් වෙන්නේ යම්කිසි කාලයක දරුවන් හැටියට සමාජයේ හිටපු අය.සමාජයේ සියළු දේ විඳ දරාගෙන ලොකු මහත් වූ අය. මේ ලොකු මහත් වීමේදී අම්මා කෙනෙක් කියන කෙනාට ලොකු භූමිකාවක් තියෙනවා දරුවෙක් වෙනුවෙන්.  අම්මා සහ දරුවා අතර බැඳීම හරි විශාලව දැනුණු දෙයක්. මුහුණු පොතෙන් මම ප්‍රභානිගේ කතා කියවලා තියෙනව, හැම දෙයින්ම මම දකින්නේ තමන්ගේ ලෝකයම දරුවා කරගත්ත අම්මා කෙනෙක්.  සාර්ථක ලේඛිකාවක්මෙන්ම මේ දරුවාගේ ලෝකය ඉතා සුන්දරව විඳින මවක්.

නමුත් ලංකා සමාජය තුලමෙහෙම අම්මලා මම දකින්නේ හරිම අඩුවෙන්. මම පහුගිය අවුරුදු 4 ම වැඩ කළේ ළමා වාට්ටු වල , නමුත් මම ඒ කිසිම තැනක දැක්කේ නෑ, දරුවන්ගේ ලෝකය සුන්දරව විඳින අම්මලා.මොකද ඒක මම හිතන්නේ අපේ රටේ, අපේ සමාජයේ  ප්‍රශ්නයක්. මේ මම වුනත්වෛද්‍යවරියක් හැටියට ජීවිතය සහ රැකියාව එක්ක ඔට්ටු වෙන ගමන් මගේ දරුවාගේ ලෝකය විඳින්න කාලය අවස්ථාව මට අඩුවෙලා තියෙනවා. හෙදියන් ගුරුවරියන් මේ හැමෝටම තියෙන්නේ මේ ජීවන බරත් එක්ක මේ ආර්ථික යුද්ධයත් එක්ක අපේ රට පත්වෙලා තියෙන සාමාජීය ප්‍රශ්නත්එක්ක ගැටෙන ගමන් දරුවනේ ලෝකයට හදිස්සියේ එබෙන්නන් බවට පත් වෙලා.

නමුත් ටිපී හරිම වාසනාවන්තයි !එයාට ඉන්නවා අම්මා කෙනෙක්, එයා පසුපස සෙවනැල්ලක් වගේ ඉඳගෙන එයා ගැන දකින,විඳින.  එයාගේ ඒ සුන්දර ළමා කාලය ඒ විදිහට විඳින්න ඉඩ දෙන අම්මා කෙනෙක්. ටිපී ගේ කතාව එහෙම ලියවෙනකොටප්‍රභානිගේ පොඩි කාලේ ගැන කියවෙන හරි දඟ පොඩි කාලේ තුළින් අපිට ගමක ගම්බද පරිසරයත් එක්ක ගැටෙමින් හරි අපූරුවට ළමා කාලය ගත කරන දරුවෙක්  මුණ ගැහෙනවා. එතකොට සාහිත්‍යය ළමා මනස සහ මව්පිය බාවය කියන කාරණය ගැන කොහොමද සම්බන්දය ඇති කරගන්නේ කියලා හිතනකොට මට කතා කිහිපයක් මතක් වෙනවා.
එකක් මගේ මිතුරෙක් ගැන, ඔහු කිසි විටක අපි එක්ක කතා බහට එන්නෙ නෑ.වෙන්ව සිටින්නයිකැමති , කා එක්කවත් මුසු වෙන්න කැමති නෑ, වෙනම තමන්ගේ ලෝකයක ඉන්න කැමති කෙනෙක්, ෆෝන් එක දිහා බලාගෙනඉන්න සිරිතක් තිබුනා. කාලයක් ගිය තැන ඔහු මා සමග මිතුරු වුන නිසා කියනවා. “මට ගෑණු අය එක්ක හරි වෛරයි ඒකයි මට ඕගොල්ලොන්වඅල්ලන්නැත්තේ”කියලා. ඉන්පසුව කියනවා මගෙ අම්මා එක්ක මම දැඩි වෛරයකින් ඉන්නේකියලා. තව ඔහොම කතා කරගෙන යද්දී කියනවා මගෙ අම්මා මම පොඩි කාලේ ළඟට අඬගහලා ඔළුව අත ගාලා කතන්දරයක් කියලා දීලවත් නෑ. මම වෛද්‍යවිද්‍යාලයේ ඉන්නකොට පවා මම කොහේඉන්නවද කියලවත් එයාට දැනුමක් තිබ්බේ නෑ. එයා කළේ බත් ටික උයලා කඳු ගහලා කෑම පිඟන් දෙන එක,රෙදි හෝදලා දෙනඑක.ඒ වගේ වැඩ කරනවා මිසක් අපි එක්ක කතා බහ කරේ නෑකියලා .  මේ කතාවෙන් අපට ලොකු පණිවිඩයක් දෙනවා. ඒ එහෙම හැදුණු දරුවා සමාජයෙන් අයින් වෙලා සමාජය සමග වෛරයෙන් ගැහැණු කෙරෙහි වෛරයෙන් ඉන්න කෙනෙක් බවට පත්වෙන්න සිදුවුනේ අම්මාගෙන් ලැබිය යුතු සෙනෙහස සහ මග පෙන්වීම නොලැබුණු නිසයි කියලා.
තව දරුවෙක් හමුවෙනවා අම්මා තාත්තා හරිම පොහොසත්, ඒ දරුවාට අවුරුදු තුනක් පමණ ඇති. ඒ දරුවා වාට්ටුවට ගෙනා විට, ඒ දරුවා හැසිරුණේ, කූඩු කළ සතෙක් ඉන් එළියට ගෙනාවා වගේ. කිසිම වචනයක් ඒ දරුවා කතා කළේ නෑ. අපිඒ මව්පියන් සමගකතා බස් කළ විට අපිට තේරුණේ ඒ දරුවා හදන්නේ, වැසුණු පරිසරයක හෙවත් closed environment එකක කියලා. ඒ කියන්නේ කිසිම සමාජ ඇසුරක් නැතිවඒ දරුවා හැදෙන්නේ. කවුරුත් ගෙදර එන්නේ නෑ ඒ අය බලන්න, පුළුල් තිර ඇති රූපවාහිනියෙන්කාටූන් පෙන්වනවා. ගෙදර තියෙන්නේ අති විශාල සෙල්ලම් බඩු, ඔවුන් කුඩා සියුම් දේවල් කිසිම දෙයක් අල්ලන්න හෝ සෙල්ලම් කරන්න දෙන්නෙ නෑ ඒකට හේතුව ළමයා ගිළියි කටේ දමයි කියලා, අපි පරීක්ෂා කරද්දි තේරුණු දෙයක් තමයි ඒ දරුවට කුඩා සියුම් දේවල් අතේ ඇඟිලි වලින් හසුරුවන්න පෑනක් අල්ලන්න බොත්තමක් දාගන්න ඒ කිසිත් බැහැ.කාල සටහනකට ඒ දරුවව හදන්නේ, ඒ දරුවා ඒ වෙද්දිත් වචනයක් කතා කරන්නෙ නෑ මොකද ඒ දරුවා එක්ක කවුරුත් කතා කරන්නේ නෑ.
ඔය වගේ දහස් ගණන් දරුවෝ මට මුණ ගැහෙනවා මේ සමාජය තුල අතරමං වුණු. ඔවුන් දන්නේ නෑ ඔවුන් කළ යුත්තේ කුමක්ද කියලා. සමහර දෙමාපියෝ ඔවුන්ව පාසැලට ඇරලලා ගියාට පසුව ඔවුන් ආයේ දරුවන් දකින්නේ මහ රෑට. ඔය වගේ තත්වයන් තුල අපට ළමා සාහිත්‍යයක් ගැන කතා කරන්න සිදුවෙනවා. අධික වේගයෙන් මේ සමාජ තරඟයේ විභාග සහ අනෙකුත් දේ අතර දුවන දරුවන්ට කතන්දර පොත් කියවන්න කියනවා ඒක කොච්චර අමාරුද කියලා මම අත් දුටුවා. මොකද මම සේවය කළ වාට්ටුවේ තිබ්බ පොත් කබඩ් එකෙන් පොතක් අරන් කියවන්න කියලා දරුවන්ට ඇවිලිටි කරන්න අපට සිදු වුණා.දරුවන්ට පොත් අවශ්‍ය වුනේනෑ ඔවුන් පුරුදු වෙලා තිබ්බේ තමන්ගේ මවගේ ජංගම දුරකථනයෙන් ගේම් ගහන්න. එක්කෝ වාට්ටුවේ රූපවාහිනිය ඉස්සරහ ඉඳගෙන වැඩිහිටි නාට්‍ය බලන්න. අපේ හෙද සොයුරියන් ඒ වෙනුවෙන් කැප වුනා. ඔවුන් පොත් කියවන්න උනන්දු කළා. කාලයක් යනකොට වාට්ටුවට ඇතුල් වෙන දරුවන්ට පොත් කියවන එක හුරුවෙලා ඔවුන් ඉල්ල ඉල්ල පොත් කියවන්න පුරුදු වුණා
මං හිතන්නේ දරුවෙක් කියන්නේ ගහක්.  ගහක් වැඩෙන්න හිරු එළිය ජලය හැමදේම අවශ්‍යයි වගේ. දරුවා වැඩෙන්නත්, දෙමාපියන්, වැඩිහිටියන්,පරිසරය සහ වටපිටාවෙන් ලැබෙන ආභාෂය ගොඩක් වැදගත්.
කෙනෙක්ගේ වර්ධනයක් වෙන්න නම් ඔහු අවට පරිසරය සමග ගැටෙන්න ඕනෙ අවට පරිසරයෙන් එන බාදා හඳුනාගන්න ඕනේ. ඒකට හොඳ උදාහරණයක් මට මේ පොතෙන් හමුවෙනවා. මේ පොතේ ඉන්න ටිපී මහතා දන්නේ නෑ කුකුලා හෝ කටුස්සා කවුද කියලා. එනිසා ඔහු ඔවුන් වැළඳගෙන සිපගන්න උත්සහ ගන්නවා. නමුත් ඉන්පසු ඔහු මේ පරිසරය තුලදී සත්වයින් හඳුනාගන්නවා.
අපේ දරුවන්ට වෙන්නේ මෙන්න මේ ටිකයි. ඔවුන් දන්නේ ටීවී එකේ යන කාටූන් ටිකයි , ජංගමයෙන් බලන ගේම් ට්කයි පමණයි, ස්ක්‍රීන් එකක කතාවක් බලද්දී ඒ කතාව ඔවුන් ඉදිරියේ රූප මට්ටමෙන් තිබෙනවා. එය මවා ගන්න විශේෂ වෙහෙසක් ගන්න ඕනේ නෑ. නමුත් පොතක අකුරෙන් අකුර ඒවා කියවද්දී මනස තුලින් මේ කතා රූපමය වශයෙන් මැවී පේනවා. අන්න එතකොටයි පරිකල්පන ශක්තිය වර්ධනය වෙන්නේ. විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා මේ දෙකෙන් දරුවෙක්ගේ මොළය වර්ධනයට අවශ්‍ය වෙන්නේ, මේ කතා කියවීම සහ කතන්දර ඇසීම තුලින් බව.
අද අපි දකින ඕටිසම් හෝ බුද්ධි හීන දරුවෙක් තුලින් දකින ලක්ෂණ අපි දකිනවා එක දිගට ටීවී හෝ පරිගණක තිරයකට ඇබ්බැහි වුණ දරුවන්ගෙන්. විද්‍යාඥයින් පෙන්වලා දෙනවා මේ ස්ක්‍රීන් ටයිම් එක කියන එක පුළුවන් තරම් අඩු කරලා මේ දරුවන්ව පොත පතට යොමු කරන්න කියලා.චිත්‍ර අඳින්න, කුරුටු ගාන්න දෙන්න කියලා. ඒවගේම පොතක් කියවන්න දෙන්න කියලා කියනවා සුරංඟනා කතා පොත් වැඩියෙන් කියවන්න දෙන්න කියලා කියනවා.

මේවායින් දරුවෙක් තුල තාර්කික බුද්ධිය, අවබෝදයෙන් අනතුරු වලකා ගන්න, වගකීම් ගන්න, මේ සියළු දේ ළමයා තුල වර්ධනය වෙනවා
ළමා මනසක වර්ධනයට විශේෂයෙන්ම සුරංඟනා කතා කියවන්න දීම ගැන, ඒ සුරංගනා කතා වල තිබෙන මනෝ විද්‍යාත්මක පසුබිම මොවුන් පැහැදිලි කරනවා. ඇල්බට් අයින්ස්ටයින් පවා කියා තිබෙනවා වැඩිපුර දරුවන්ට සුරංගනා කතා කියවන්න කියලා.
දැන් අපි දකින ටිපී ගත්තොත් ඔහුට මේ හැමදේම ලැබෙනවා, ප්‍රභානි ට ඇගේ අම්මගෙන් තාත්තගෙන් ලැබුණ ඒ දේවල්. මං එහෙම කියන්නේ මේ පොත් දෙකේ ඇති අපූරුම කතා ගොන්න නිසා.  අපිට මේ පොත තුලින් ගොරක යක්කු , මායා බෝංචි ඇට,ලොකට් ගෙඩි, පළා පොළඟා , එස්කොමෝ ගෙවල් හමුවෙනවා.  මේ දේවල් තුලින් අපිට ගෙනෙන්නේ ඒ සුන්දර ළමා කාලය ගැන සංඥා.
ඒත් මට අද සමාජයේ  හමුවෙන දරුවොන්ට මේ දේවල් ලැබෙන්නෙ නෑ.  සමහර විට ඔවුන් රෝහලේ වාට්ටුවේ ඉන්න තමා වඩා කැමති. මොකද ඔවුන්ට ගෙවල් වල නිදා ගන්න මෙට්ටයක්වත් නෑ. අපි සමහර විට බෙහෙත් බොන්න අදිමදි කරන දරුවන්ව බය කරන්න කියනවා,
“මේ බෙහෙත බිව්වේ නැත්නම් ගෙදර යවන්නේ නෑ, එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් දෙනවා කියලා”
මට හමුවෙන මේ අපූරු දරුවෝ කියන්නේ  “ හරි අපිව තියාගන්න අපි කැමතියි මෙහෙ ඉන්න” කියලා
මේ දරුවන්ගේ ලෝකය ඒ තරම් දූෂිත සහ දරුණු සමාජ වටපිටාවක් නිසා.
ඊළඟට මට හිතෙන දෙයක් තමා, ටිපීගේ සමයං කතාව කියවිය යුත්තේ අපේ රටේ අම්මලා තාත්තලා බව.  අම්මා කෙනෙක් දරුවෙක් කෙරෙහි සංවේදී විය යුත්තේ කොහොමද ඒදේවල් ඉවසිය යුත්තේ කොහොමද , අවශ්‍ය තැනදී දඬුවම් දිය යුත්තේ කෙසේද කියලා අපිට මේ කතා තුලින් වැටහෙනවා හරි දඟ පොඩි කාලේ කියවිය යුත්තේ අපේ ළමාවියෙන් නව යොවුන් වියට එළඹෙනදරුවන්.
කියමනක් තියෙනවා, our main task is to raise kids who don’t have to recover from their childhood කියලා.

අපි දෙමාපියන් වශයෙන් දරුවෝ හදන්න ඕනේ ඒ දරුවොන්ට තමන්ගේ කුඩා කාලයේ සිදුවෙච්ච දේවල් වලින් මිදෙන්න පුළුවන් දරුවෝ ඒ කියන්නේ  අපි බහුතරයක් ගත්තොත් මේ සමාජයේ වැඩිහිටියන් බවට පත් වුනාට, කුඩා කළ ඉඳන් අපට සිදු වෙච්ච අකරතැබ්බ , අකටයුතුකම්, දුක්කරදර හිරි හැර වලින් අපි අපේ මනස අසනීප කරගෙන ඉන්නේ. 

මේක තමයි අපේ රටේ ප්‍රධානම තියෙන සමාජ ප්‍රශ්නය.
ඒ අසනීප වුණු තුවාල වුණු මනසත් එක්ක වැඩිහිටියෝ බවට පත්වුනත්,සමාජයේ බහුතරයක් දන්නේ නෑ ඒ තුවාල හොඳ කරගන්න. පරිණත බවක් කොහෙත්ම දකින්න ලැබෙන්නෙ නෑ. මේ පරිණත බව නැති හින්දා තමයි අපි දකින්නේ, තාමත් දරුවෝ වගේ රණ්ඩු කරන පිරිස්, හැමදෙයින්ම හිත රිදෝගන්න පිරිස් සහ අනුන් කෙරෙහි සංවේදී නොවන පිරිස්. 

නමුත් මම හිතනවා මෙවැනි මේ පොත්  තුලින්  දෙමාපියන්ට ලොකු පණිවිඩයක් දෙනවා, සාර්ථක දරුවන් බිහි කරන්නේ කොහොමද කියලා, ඒ කියනෙනෙ පොත පතේ දැනුමෙන් සාර්ථක දරුවන් නොවේ සමාජ දැනුමෙන් පිරිපුන් දරුවන් බිහි කරන්නේ කොහොමද කියලා.
ඊළඟට මම මේ පොත් වල රසවත් තැන් දෙක තුනක් මම උපුටා ගන්නවා
එකක් තමා , ටිපී ගේ ටිපිකල් වැඩ, කියලා මට හිතුන තැන්. මම හිතලා බැලුවා ඇයි මේ ළමයට ටිපී කියන්නේ කියලා,
එකක් තමා ටිප්සි කියනවා විනෝදකාමී, බරක්පතලක් නැති හැසීරීම් වලට
තව තේරුමක් ලැබුනා, ඕනෑම මොහොතක නොපිට පෙරලෙන්න පුළුවන් කියන තේරුම.
ඔන්න අම්මා දවසක් ටිපීව මිත්තනියට බාරදීලා ගමනක් ගිහින් එනකොට මිත්තනියත් ඉන්නවලු ටිපීත් ඉන්නවලු, ගෙදර බඩු මුට්ටු විසිරිලා හතර අත. ටිපීගෙන් මේ සන්තෑසිය මොකක්ද ඇහුවම ලැබෙන පිළිතුර

“ෂ් ෂ් ෂ් කිටී දොයි” කියලා
“ඉලක්කම් ලිව්වද “
“කිටී දොයි අම්මේ”
“මේ සෙල්ලම් බඩු”
“කිටී දොයි අම්මේ සද්ද කරන්න එපා”

මෙලෙස අහන හැම ප්‍රශ්නෙටම පිළිතුර කිටී දොයි කියන ටිපීගෙන් අහලා වැඩක් නැති තැන මේ අම්මා තාත්තාගෙන් අහනවා, මෙච්චර විනාශයක් කරනකම් ඔයා මොකද කළේ කියලා.. එතකොට තාත්තා අම්මා දිහා බලලා කියනවලු “ෂ් කිටී දොයි” කියලා
මේ අපි දකින ටිපී. මේ වගේ කතා ගොන්නක්ම කියවන්න පුළුවන් ටිපීගේ සමයං පොතෙන් ඒ එක්කම මේ තරම් ඉවසීමක් සහ සාහිත්‍ය ගැන සංවේදී වෙන මේ අම්මා කුඩා කල, සාලය පුරාම සබන් පෙණ හලාගෙන තාත්තා ගෙනා සීත කබායක් ඇඳගෙන එස්කිමෝ ගෙවල් හදපු කතාව අපිට හමුවෙනවා හරි දඟ පොඩි කාලයෙන්.
පුතා කරන දඟ වැඩ ලියන අම්මා කළ දඟ වැඩ හමුවෙද්දි මට ඒ සිදුවීම් වල වෙනසක් පෙනෙන්නේ නෑ

ප්‍රභානි තමන්ගේ දරුවා කෙරෙහි සංවේදී අම්මා කෙනෙක්. ඒක එහෙම වෙද්දී මට හමුවෙනවා දරුවෝ , ඔවුන්ගේ දෙමාපියන් එක්ක ගැටුම් ඇතිකරගෙන යම් යම් විනාශකාරී දේවල් ඔවුන්ගේ ජීවිත වලට කරගත්තු.
අපේ වාට්ටු වලට එනවා දරුවෝ, අවුරුදු පහළොවේ 16 පමණක් නොවේ, අවුරුදු හතේ අටේ ළමයි අම්මලාට පාඩම් උගන්වන්න පැනඩෝල් බීලා වස බීලා.

එක දරුවෙක්ගෙන් ඇහුවම ඇයි පුතේ මෙහෙම කරගත්තෙ කියලා.
“අම්මා අයියට කිරි තේ දීලා මට ප්ලේන්ටි දුන්නා නිසා”
තව කෙනෙක් කියනවා, “අල්ලපු ගෙදර හරකා අල්ලන්න ගිය නිසා අම්මා බැන්නා ඒකයි”කියලා.
අද අම්මලාගේ දරුවන්ගේ විරසකය දැඩිව පෙනෙන්නට තියෙනවා.
දරුවෙක් කෙරෙහි මවක් ඉවසන්නේ කොහොමද කියන එක මේ පොත කියවද්දී අපිට මේ කතා තුලින් අපූරුවට වැටහෙනවා.
සමහර අම්මලාට තේරෙන්නෙ නෑ දරුවාගේ මනස තුල ඇතිවෙන සිතුවිලි කොහොම වෙයිද කියලා. අම්මා තමන්ගේ දුක හෝ කෝපය පිටකරගන්න වදන් හසුරනවා, ඒ දරුවාගේ මනස තුල ඒකෙන් සිදුවෙන හානිය ඇය දන්නෙ නෑ.  මේ සමාජයේ තියෙන ප්‍රචාරන රැල්ලත් එක්ක ඔවුන් පෙළඹෙනවා මොනවා හෝ දරුණු දෙයක් කරගෙන ජීවිතේ හානි කරගෙන අම්මට පාඩමක් උගන්වන්න.
එක පැත්තකින් අපි දරුවන්ට දොස් කියනවා දරා ගන්න ශක්තියක් නෑ කියලා අනිත් පැත්තෙන් අපේ දෙමාපියන් තුලදරුවන් තේරුම් නොගැනීම කියන දුර්වලතාවය පෙන්නුම්කරනවා.
ඉතින් ප්‍රභානි, මවක් හැටියට තමන්ගේ දරුවාගේ ළමාකාලය සුන්දරව ගෙවෙන්න අවශ්‍ය උපදේශනයසහ මගපෙන්වීම ලබා දෙනගමන්, අපිවරසවත් කරනවා මේවා ලියා තැබීම තුලින්
ඇගේ කුඩාකාලය ගැන මේ කෘතිය තුලින් අපට විශ්වාස කරන්න බැරි තරම් සුන්දර ළමා කාලයක් ගැන අපිව මොහොතකට වෙනස් සමාජයකට ගෙනයනවා. මොකද අපට මේවගේ ළමාකාලයක් තිබුනේ නෑ. අපි නාගරික සමාජය තුලදැඩි අර්බුධකාරී තත්වයන්ට මුහුණ දුන්නා. ප්‍රබානි හරි වාසනාවන්තයි. ඉතින් මේ වගේ සුන්දර ළමා කාලයක් අපේ දරුවන්ට ලබා දෙන්න පුළුවන්නම්, ඔවුන් සමාජය ගැන සංවේදී මිනිස්සු, සාහිත්‍යය ගැන ඇල්මක් ඇති මිනිස්සු සහ අනුන්ගේ දුක කෙරෙහි සානුකම්පිත මිනිස්සු බවට පත්වෙනු නො අනුමානයි.
හරි දඟ පොඩි කාලේ,
ටිපීගේ සමයං
මේ පොත් ද්විත්වය තුලින් අපිට මග හැරුණු දෑ, හරි ගැස්විය යුතු දෑ, කපා ඉවත් කළ යුතු දෑ, ළඟට ගෙන බදා වැළඳගතයුතු දෑ මේවා යැයි කියා දුන්නාට ප්‍රභානි තෙන්නකෝන් සොයුරියට ස්තූති වන්ත වෙමි.


වෛද්‍ය බෝධිනී සමරතුංග



ටිකක් දිග මතකයක් !

$
0
0
එක්තරා උදයක
අතින් අල්ලන හුස්මක
මැකෙන හද රිද්මෙක
තාල හොයමින් උන්නෙමි
බෙර නලා නැතිවම
නටපු බලි තොවිලෙක
සිනා පමණක් ඉතිරිවිය හද
පැරණි සැමරුම් සිනාකැන් මැද
ඇඟිල්ලක දැවටෙන
සිඟිති අත් පහසට
බිළිඳු මදහසකට
නිවනු හැකි වෙයි හිතේ දහඩිය
අදත් විත් දොරකඩ
මතක පෙන්වයි ඇද
ඇඟිලි තුඩු වලටත්
මැවිය හැකි බව සැනින් ජීවය...

බෝධිනී සමරතුංග 2018

මේ කවිය ලියැවුනේ, මුහුණු පොතෙන් කරන ලද මතක් කිරීමක් දුටු විටයි.

“Bodhini Samaratunga is feeling exhausted.

September 8, 2017 ·

So I was holding 3 hearts this morning along with the other doctor. one decided to give us a hard time the other came out with a beautiful cry but a heavy weight on my chest ! You know what i mean 😓

I hope this country will be fine tuned when u grow up little one ! I wish you will be a "nick" who conquered the world amidst the challenges marked on him permanently !”

එක්තරා උදයක පුංචි හදවත් තුනක් හිතින් දරාගෙන
සිටියෙමි. කෘතිම ශ්වස්නය දෙන මෙවලම් ලැහැස්තිදැයි බලමින් අපි නො ඉවසිල්ලෙන් උන්නේ, එකම මව් කුස බෙදාගෙන සති තිස් ගණනක් එකට ඉඳලා එළියට එන්න බලන් හිටපු පුංචි පැංචන් දෙන්නෙක් පිළිගන්නයි. හැමදාම වගේ ඕනෙම නරක සිදුවීමකට ලැහැස්ති වෙමින්.

අපි දැනන් හිටියා එක් දරුවෙක් වැඩී නැති බව එනමුත් ඔවුන් එළියට එනකම් එතරම් දරුණු ලෙස ජාන විකෘති ඇති බව අපි දැනගෙන උන්නේ නෑ. අපි බලාපොරොත්තුවෙන් සිටි අවුල් රැසක් දරන් එළියට ආ පැංචා හිතුව තරම් අමාරු නොවුනත් එයාගේ නිවුන්නාට හොඳටම අමාරු වුනා. අවසානයේ ඔක්කොමලා හොඳින් හුස්ම වින්දත්, ආබාධ රැසක් දරන් ආපු පුංචි පැංචා නිසා මගේ හදවත බිඳුනා.

ඉතා දුෂ්කරතා මධ්‍යයේ ජීවිතේ ගෙවන ඒ පවුලට , මේ පැංචා බරක් බව වාට්ටුවේ නොමේරූ ළදරු ඒකකයේ හිටිය කාලයේදී හොඳටම වැටහුනා. කිහිප විටක් අපි දන්නා තරමින් ඒ අම්මාට මේ සිදුවීම පැහැදිලි කර දුන්නා. පාසැල් කාලයේ කළුතර ග්‍රේස් කුමරි ළමා නිවාසයට ගිය විට අපට මෙවන් දරුවන් වැඩිහිටියන් කොතෙකුත් මුණ ගැසුනා. ඔවුන් හරි ආදරණීය දරුවෝ. යුරෝපයේදී මෙවැනි දරුවෙක් හදාගන්නා අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් මට මුණ ගැහුණා. ඔවුන්ට මේ දරුවා ආශිර්වාදයක් ලෙස ඔවුන් සිතනවා. නිතරම සිනහවෙන් සිටින ඈ අම්මාට තාත්තාට බදා වැළඳ හාදු දෙමින් උන්නා. ආබාධ සහිත දරුවන් වෙනුවෙන් දෙමාපියන්ගේ කැපවීම දේවත්වයක් ලෙස මම දකිනවා. නමුත් අවාසනාවකට සමාජයේ සියළුම පන්ති වල මව්පියන්ට ඒ කැපවීම එලෙස කරන්නට හැකියාවක් ලැබෙන්නේ නෑ. ආර්ථික සහ සාමාජීය යුද්ධ වල ඔවුන් කොටු වෙලා.

එයා උස් මහත් වෙද්දිවත් අපේ රට , අපේ ජන සමාජය ආබාධ සහිත අය කෙරෙහි හිතකර සහ යෝග්‍ය එකක් වෙනු ඇතැයි මම නිතර සිතනවා. තව අවුරුදු දහයකින් හෝ මේ රට වෙනස් විය යුතුයි. එක් කොටසකට විතරක් හිතකර නොවිය යුතුයි කියා මම සිතනවා.

සිංගප්පූරුවේදී මා දුටුවේ ඒ රටේ කොතැනක ගියත් , ඒ ඕනෑම තැනකට ආබාධ සහිත රෝද පුටුවක හෝ ගමන් කළ අයෙක්ට පහසුවෙන් ළඟා විය හැකි ලෙස ලිෆ්ට් , වේදිකා සකස් කර තිබුනා. කොටින්ම බස් රථයේ රියැදුරු පැමිණ දොර අසල තිබූ වේදිකාවක් එළියට ඇද රෝද පුටුව සමග එම පුද්ගලයා ඇතුල් කර රෝද පුටුව ආරක්ෂිතව සකස් කරන ලද තැන හොඳින් තබා තමයි නැවත බසයට ගොඩ වී ගමනේ යෙදෙන්නේ.

ඉතින් මට මතක් වුනේම මේ කුඩා ජීවිත. අපේ රටේ සමාජය තවම හරි හැටි මේ දේවල් ගැන සංවේදී නොවීම අපි හැමගේම වගකිම් පැහැර හැරීමක් කියා මට සිතේ.


චමත්ක කවීන් බණ්ඩාර විසින් රචිත, “චමත්කාර - සිතුවිලි අතර නතර වූ සිතුවිලි”

$
0
0

“කාලය හැමදාමත් අපූරු රටා මවනවා. එක පැත්තකින් බොහෝ දේවල් වෙනස් කරනවා. තවත් දේවල් ගොඩ නගනවා. බිඳ ඉහිරවනවා. ඒ අතරින් කාලයට වෙනස් කරන්න බැරි වුණු පෙර වගේම නිහඬව ගලාගෙන යන සිදුවීම් ඕනෑ තරම් හමු වෙනවා “ පිටු අංක 100 චමත්කාර
චමත්ක කවීන් පුතාගේ පස් වෙනි ග්‍රන්ථය දොරට වැඩීමේදී මට ඒ ගැන කතා කරන්න ලැබුන විට මම ඒක හරිම කැමැත්තෙන් භාර ගන්නවා. ඒ වන විටත් මම, චමත්ක කවීන් පුංචි කවියාගේ කවි කියවන, ඔහුගේ චමත්කාර තීරුව කියවන අතර ඔහුගේ කෙටි චිත්‍රපට, ළමා නාට්‍ය යන මේ සියළු තැන්හි දැක්වූ සමත්කම් ගැන දකිමින් ඔහු ගැන අප්‍රමාණ සෙනෙහසින් බලා හිඳි කෙනෙක්.
ඉතින් ඒ අපූරු පොත් පිංච දොරට වඩින අවස්ථාවේ මට වැටහුනා ළමා සාහිත්‍යය සහ ළමයින්ව සාහිත්‍යයට යොමු කිරීම කියන අපට තියෙන ප්‍රබලම අභියෝගය ගැන කතා කළ යුතුයි කියලා. යන එන අතර, හිත නෙත රැඳුණු බොහෝ කතන්දරවල සංවේදී කියවීමක් සහිත මේ කතන්දර බොහෝ දේ ගැන හිත තෙතමනය ඇති කරන සුළු ලියැවීම්. මේ වයසේ දරුවෙක්ගෙන් මෙවැනි වූ ලියැවීමක් කියවන්න ලැබීම මා පුදුමයට පත් කරනවා. ඒ අතරම මගේ හිතේ දුකක් ඇති වෙනවා. ඒකට හේතුව, අපේ රටේ මේ වන විට, මේ චමත්ක කවීන් පුතා වගේ දරුවෝ බිහි වෙන එක අඩු වෙලා තියෙන නිසා. ඒක මම දකින්නේ මීට අවුරුදු ගණනාවක ඉඳන්. ඉතින් මේ වගේ දක්ෂ දරුවන් බිහි කරන්න, අපේ රටේ ඉස්සරහට මොකක් හරි හිතකර වෙනස්කමක් අපට කරන්න පුලුවන් කියා මට හිතුන නිසා මම මේ ටික කියන්නම ඕනේ කියා හිතුවා.
අපේ රටේ මේ වෙනකොට සංවේදී මිනිස්සු දකින්න ලැබෙන්නේ හරි අඩුවෙන්. අනෙකාගේ අමාරුකම් කෙරෙහි, අනෙකාගේ දුබලතා කෙරෙහි හෝ අනෙකාගේ සැපසම්පත් කෙරෙහි සංවේදී වෙන මිනිස්සු අපිට නැති වෙලා තියෙනවා. මේ අපේ සමාජයේ රටේ පැවැත්මේ තියෙන ප්‍රබලම මරු පහර ලෙස අපි දකින්නේ මෙන්න මේ දේ. අපේ කාලයේදී, අපි කුඩා කාලයේ නම් අපි එතරම් ජන මාධ්‍ය සමග ගැටුණු පිරිසක් නෙමෙයි නමුත් අද දරුවන්ට පහසුවෙන් මාධ්‍යය සහ ඒ ආශ්‍රිත උපාංග පහසුවෙන් ළඟා කරගැනීමේ හැකියාව තිබිලත් ඔවුන් සෞන්දර්‍යාත්මක , සංවේදී මිනිසුන් බවට පත් වීම අඩු වෙලා තියෙනවා.
එහෙම අපි කතා කරද්දී ඇමෙරිකාව එංගලන්තය වගේ රටවල් පර් යේෂන කරනව අපේ ළමා පරපුර මේ ගැටළුවෙන් මුදවාගන්නේ කියලා, උදාහරණයකට කිව්වොත් අපි කොහොමද චමත්ක වගේ දරුවෝ මේ ලෝකෙට බිහි කරගන්නේ කියලා. මොකද අන්න එහෙම දරුවොන් තමා සමාජයේ සාර්ථක මිනිසුන් ලෙස වැඩදායක මිනිසුන් ලෙස වගකීම් දරන්නේ.
ඒක සහජ කුසලතාවය හෝ ඉබේ එන දෙයක් කියලා ලඝු කරලා පැත්තකට කරන්න බෑ. විශාල වගකීමක් තියෙනවා අපේ වැඩිහිටි පරම්පරාවෙන් විශේෂයෙන්ම අම්මට තාත්තට , දරුවන් මේ කෙරෙහි උනන්දු කරන්නට.
ජෝන් එස්. හටන් කියන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා පර් යේෂනයක් ප්‍රකාශයට පත් කරනවා. ඔහු මේ සඳහා යොදා ගන්නා දරුවන් 19 දෙනාගෙන් 40% අඩු ආදායම් ලාභී දරුවෝ. ඒ දරුවොන්ට ඔවුන් සුරංගනා කතා කියද්දී ඒ දරුවොන්ගේ මොළයේ ඇති වෙන වෙනස්කම් ඔවුන් බලලා තියෙනවා මේ පර් යේෂනයෙන් , දෙමාපියන් කුඩා කල සිට කතන්දර කියලා දෙනවානම් ඒ දරුවොන්ගේ මොළයේ වෙනස් කම් ඔවුන් මෙහිදී පැහැදිලිව දැකලා තියෙනවා.
දරුවෙක් අකුරක් කියවන්න ඉගෙන ගන්න කළින් සංඥාවක් රූපයක් හෝ ඉගෙන ගන්න කළින් ඉඳන් දෙමාපියන් දරුවෙක්ට කියාදෙන දේ තුලින් දරුවන්ගේ මොළයේ විශාල බලපෑමක් ඇති කරනවා කියලා ඔවුන් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා.
අපේ රටේ අපේ අම්මලා තාත්තලා අත්තම්මලා සීයලා ඔවුන්ගේ ආභාෂයෙන්, දරුවන්ට ගහකොළ මල් පෙන්වලා කවි කතන්දර කියලා දරුවන්ට කුඩාකාලයේ ඉඳන් සෞන්දර් යය විඳින්න හුරු කළා. ඒත් අද අම්මලා තාත්තලා දරුවොන්ගෙන් ඈත්වෙලා මෙවලමක් අතට දෙනවා. මම මේ හට්න් ගේ පරීක්ෂනය මෙතැනදී කියන්න හේතුවුනේ, ළමා සාහිත්‍යයක්, ළමයින්ව කියවන්න ලියන්න පුරුදු කරන්න අවශ්‍ය බව කියන නිසයි.
නිර්මාණකරනයේ යෙදෙන්න පරිකල්පන ශක්තිය කියන දේ අවශ්‍යයි. පොතක් පතක් කියවද්දී අකුරු කියවද්දී, ළමා මනසේ පරිකල්පන ශක්තිය වැඩිවෙනවා කියන එක කියනවා. පරිකල්පනය තුලින් තමා සොඳුරු සෞන්දර්‍යාත්මක වටිනාකමින් යුත් නිර්මාණ කරන මිනිසුන් බිහිවෙන්නේ. එහෙම මිනිසුන් විනාශයක් ළඟා කරන්නේ නෑ කියා ඔවුන් කියනවා. එතකොට අපි ඇත්තටම කලාකරුවෝ කියා හඳුනාගත් පිරිස් අන් අය කෙරෙහි සංවේදී සොඳුරු මිනිසුන් විය යුතුයි නේද ?
කළින් ඉඳන් අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට සුරංගනා කතා කියලා දෙන දරුවන්ගේ මොළයේ තිබෙන රූප ශබ්ද භාෂා කියන මේ තැන් ගැන වගකියන කොටස් ඉතා දැඩි දීප්තියකින් පෙන්නුම් කරලා තියෙනවා ක්‍රියාත්මකයි හෝ වැඩ කරන බව. එතකොට මම මෙතනදි මුලින්ම කියන පණිවිඩය තමයි චමත්ක වගේ දරුවෝ බීහිවෙන්නනම් ඔබලාගෙන් සියයට සියයක් ඔබේ සහය අවශ්‍යයි. මේ දරුවන්ගේ දක්ෂතා වැඩි දියුණු කරන්න ඔවුන්ව සංවේදී දරුවෝ කරන්න , ඔවුන්ට හැකි තරම් කතන්දර කියන්න. තිර වලින් , ස්ක්‍රීන් එකෙන් මුදවන්න කියන එක.
අයින්ස්ටයින් කියා තිබෙනවා ඔබට ඔබේ දරුවා බුද්ධිමතෙක් කරන්න උවමනානම් සුරංගනා කතා කියවන්න කියන එක
ළමා පරපුර තමයි මතු දාක වැඩිහිටියන් ලෙස සමාජය බාර ගන්න ඉන්නේ. ඔවුන් පොත් පත් ආභාෂයෙන් ඈත් වෙලා සෞන්දර්‍යාත්මක චින්තනයන්ගෙන් ඈත්වෙලා ස්ක්‍රීන් එකක් ඉස්සරහ ගාල නොවිය යුතුයි කියලා වෛද්‍ය විද්‍යාත්මක හේතුත් සමග පැහැදිලි කළ පර්යේෂන ඕනෑ තරම් අන්තර්ජාලය තුලින් හමුවෙනවා.
නිර්මාණකරනයේ යෙදෙන්න පරිකල්පන ශක්තිය (Imagination) කියන දේ අවශ්‍යයි. අන්න ඒ පරිකල්පන ශක්තිය කෙනෙක් තුල ඇතිවෙන්නේ , කුඩා කළ සිටම තියුණු වූ, හැඩගැස්වීමට ලක් වූ, නොයෙක්, සමාජීය සෞන්දර්යාත්මක දෙයින් පෝෂණය වූ මනසක් තුලින්.
දරුවෙක්ට පොතක් කියවීම තුලින්, කතන්දරයක් කීම තුලින්, ලැබෙන විඳීම සහ සංවේදනා , තිරයක් මත කාටූන් එකකින් හෝ චිත්‍රපටයකින් ලැබෙන්නේ නැතිව යනවා. ඒක වෙන්නේ මෙහෙමයි. අපේ මොළේ කියන්නේ බොහොම සංකීර්ණ දෙයක්. නිරන්තරයෙන් ඉගෙනීමට සහ මතක තබා ගැනීමට ලක්වෙනවා. සමාජයේ අසන දකින දේවල් වලින් පෝෂනය වෙනවා. පොතක් කියෙව්වම, ඒ අකුරු ඔස්සේ දරුවා හිතේ කතාව හදා ගන්නවා, දරුවෙක්ගේ හිතේ චිත්ත රූප මැවෙනවා, ඒ අකුරු ඔස්සේ මොළය තුල රූප මවාගෙන කතාව කියවනවා.
අද සමාජයේ තියෙන ආකල්ප නිසා අපේ දරුවෝ සෞන්දර්‍යයට , නිර්මාණකරනයට යොමු කිරීම අපහසුම කාර්යයක් වෙලා තියෙනවා. චමත්ක පුතා දිහා බලන් ඉන්නකොට මට පුදුම ආඩම්බරයක් දැනෙනවා ඔහුගේ දෙමාපියන් ගැන. ඔවුන් මේ දරුවාගේ දක්ෂතා හඳුනාගෙන ඔහුව හරි මගට යොමු කරලා ඔවුන්ගෙන් ඔහුට එහෙම සහයෝගයක් ලැබුනේ නැත්නම් ඔහුට මේ තරම් දුරක් එන්න අපහසුයි. අපි එකිනෙකාගේ අප තුල තියෙන අපට කරන්න පුළුවන් ප්‍රමාණය වෙනස් අපේ හැකියාවන් වෙනස්. ඒවා එක්ක ඉදිරියට යන්න අපේ දරු පරපුරට අපි උදව් වෙමු. ඒවගේම අපේ මාධ්‍ය ඔස්සේ ඔවුන්ට ඉඩකඩ ලබා දීලා ඔවුන් හට නිර්මාණකරනයේදී ලැබිය යුතු සහය ලබා දීම වැඩිහිටි පරම්පරාවේ වගකීම බවත් මතක් කළ යුතුමය.
මම තවමත් චමත්කාර පොතේ අකුරු අතර මේ කුඩා දරුවාගේ චින්තනයේ විස්මය කියවමින් සිටිනවා. අවට ලෝකය ගැනත් , මිනිස් සිත් වලින් එබී බලන වචන සහ සිතුවිලි වල අරුමයත් ඔහුගේ පන්හිඳට කැටිවෙන්නේ ඔහුටම ආවේනික වූ සරල සුගම්‍ය වදන් පේළි වලින්.
හිමි අහිමි දෑ ගැන, මිනිසුන්ගේ කියුම් කෙරුම් ගැන, ඔහුට දැනෙන අයුරින් ලියා දක්වන කතා විටෙක හිත් වල ඇති කරන්නේ ශෝකයක්. සමාජය දෙස ප්‍රකෘති සිහියෙන් බලා සිටින චමත්ක පුතා ඒවා අකුරු කරන්නේ මනා සංයමයකින්.
“ජිවිතය මොන තරම් අපූරුද ? හැම මොහොතක ම හැම දිනයක ම අලුත් පාඩමක් කියා දෙනවා” පිටු අංක 117
මම ඔබ දිහා බලමින් ඒ පාඩමේ අපූර්වත්වය දකිනවා. චමත්ක කවීන් වැනි දරුවන් වෙත අවශ්‍ය ගුරුහරුකම් මග පෙන්වීම ලබා දෙමින් ඔහුගේ හැකියාවන් ඔපමට්ටම් කරගැනීමට වඩා කැපවී සිටින දෙමාපියන් ඇතුළු සියළු දෙනා හට ඉතා ස්තූතිවන්ත වෙන්නේ සමාජයට වැඩ දායක සංවේදී සොඳුරු නිර්මාණකරුවෙක් සොඳුරු මිනිසෙක් බිහි කරන්නට, දරුවා තුල තිබෙන සහජ කුසලතා හඳුනාගන්නට, මේ හැල්මේ දිවයන අධ්‍යාපන තරඟයෙන් මදකට මිදෙන්නට අවකාශයක් ලබා දෙන්නට හැම අම්මෙක්ටම තාත්තෙක්ටම හැකි වේවා යැයි පතමිනි.
වෛද්‍ය බෝධිනී සමරතුංග

Siyama -දරුණු මග හැරීමක් පෙන්වාදීමකි

$
0
0
සියාමා

පළමුව ගත් පොත නැති වී ඉන්පසු නැවත අද ඉයන් අයියාගෙන් කෘතියක් තෑගි ලැබුණි. මා එය යුහුසුළුව කියවන්නට පටන් ගත්තේ ගෙදර යන ටිකට වාහනයේ සහ ජංගම දුරකථනයේ එළියෙනි.
පොත ලියා ඇති සරල මෙන්ම කියවිය හැකි ආකෘතිය නිසා එය එක හුස්මට කියවාගෙන ගියෙමි .
61 වෙනි පිටුවෙන් ඔබ්බට යා නොහැකිව, බොහෝ බරැති සුසුම් සමගින් කඳුළු සැළුවෙමි. හැම රටකම විනාශ වී යන විනාශ කරන දරුවන් ගැන සිහි කරමින් හැඬුවෙමි.
අන්ත විනාශකාරී ආගම් අන්තවාදය මේ ලොවින් තුරන් විය යුතුම ය. හිත හදාගෙන පොතම කියෙව්වෙමි.
මෙය ඔබ කියවිය යුතුම බව මතක් කරමි.
තබ බිරිය හෝ දරුවා මැරුණත් කම් නෑ කියා ඇඳ ඉහපතේ සීසර් සැත්කමට විරුද්ධව අත්සන් තැබූ අන්තවාදය ද ගැහැණු දැරිවියන් වැඩි විය පැමිණි සැනින් විවාහ කර දෙන්න යැයි කියන්නාවූ අන්තවාදයද මා දැඩිව පිළිකුල් කරමි.
කාන්තා සුන්නත් කිරීමට පක්ෂව වෛද්‍ය මතය ලියන්නට තරම් අඳබාල සමාජයකි. අලුත උපන් බිළිඳා ප්‍රතිශක්තිකරණයට විරුද්ධයැයි කියනා දහඅට වියැති මව්වරුන්‍ ය.
අවාසනාව නම් ඒ සමාජ වලද උගතුන් බිහි වුනද ඔවුන් ද ඒ ආගමික අන්තවාදයට නතුව කල් ගෙවන එකය. වරද ඇත්තේ අන්තවාදය තුල මිසක ආගම හෝ දර්ශනය තුල නොවේ.
එවන් සමාජවල දහසක් කාමාතුරයින්ගේ ආශාවන් පිනවීමට විනාශ කරනා මල් කැකුළුය.
ගැහැණුන්ට දරුවන්ට දැරිවියන්ට අන්ත අසරණ දුකක් විඳ මියෙන්නට සිදුවෙනවානම් එවැනි රටවලට අත පොවන්නට ශිෂ්ට යැයි සම්මත ජාතීන් හෝ ජාත්‍යන්තර සංවිධාන වලට නොහැකි ඇයි දැයි මේ පොත කියවද්දී මසිතේ පැන නැඟි ප්‍රශ්නයකි.
අපේ වාසනාවට එවන් අන්තවාදීන් මැද නොඉපිද , නිවහල් නිදහස් මානව හිතවාදී දහමක් මූලික කරගෙන කල් ගෙවමි. එනමුදු එහෙව් මානව හිතවාදී දහමෙහි නාමයෙන්ද සමාජය කෙළසන අන්තවාදීන්‍ බොහෝ ය. බොදු කිතුනු ඉස්ලාම් හින්දු මේ කවර ආගමක හෝ වේවා අන්තවාදීන් සහ අන්තවාදී ඉගැන්වීම් අපි පිළිකුල් කර බැහැර කරමු.
සියාමා... සමාජය වෙත කෙරෙන එවන් මතක් කිරීමකි. දරුණු මග හැරීමක් පෙන්වාදීමකි.
Lost my copy of සියාමා the novel of Ajith Dharmakeerthi , from the book fair... as i was reading it while traveling to work.
Got a book gift from Ian lintota aiya.... started reading it from where i left off...with my phone light.
I was stuck in page 61, heart throbbed with immense pain remembering all the innocent lives and little souls destroyed by so called religious or political goons,rapists and psycopaths. Ended up crying ....
සියාමා Is a must read !
nocountry , no society should let this happen to its children !
සියාමා
අජිත් ධර්මකීර්ති
අහස ප්‍රකාශන
මිල රු 350

කිරි බීම පුරුද්දක් !

$
0
0
මා ආ ගිය යුරෝපා රටවලදී කිරි පිටි සොයා ගැනීම අපහසු විය. මෑතකදී පවා පුරුද්ද නිසා කිරි පිටි සෙව්ව ද ඒවා තිබුනේ ආසියානු කඩ යැයි හඳුන්වන ලාංකිකයන් හෝ ඉන්දියානුවන් කළ කඩ වලය.
කිරි යනු අපට අත්‍යාවශ්‍ය පෝෂකයක් නොවන බව මම දනිමි. එමෙන්ම උදේ සවස බොන කිරි තේකේ පිටි කිරි හැඳි දෙක තුනෙන් පෝෂණ අවශ්‍යතා සපුරනවා යැයි නොසිතමි. ක්ෂීරපායී සතුන් හට යම් කාලසීමාවක් මව් කිරි බොන්නට ලැබීම ද ඉන්පසු, දත් ආ පසු හපා කන කෑමවලට හුරු වීමද අපේ සාමාන්‍යයයි.
කිරි බීම පුරුද්දක් ! බව සැබැවි.එහෙත් පුරුදු අත් හැරගත හැකිය.
මම ද ගෙදරදී කිරි පානය අත් හැර ඇත්තෙමි. “ ඔබ දන්නවාද ? දියර කිරි තමයි සෞඛ්‍ය සම්පන්න ! කියමින් මගේ ඕස්ට්‍රේලියානු ජාතික මිතුරිය මා සමග කඩවල් ගානේ යද්දී පැවසූ බව මතකයට ඒ. එයටහේතුව මා පිටරට ගිය අලුත පිටි කිරි සොයමින් වෙළඳ සැල පුරා ඇවිද්ද හෙයිනි. ඔවුන් හැම විටම බොන්නේ දියර කිරි ය.
අවසන මම ද මගේ නිවැසියන්ද අප සාමාන්‍යයෙන් බොන කහට වැඩි තේක සඳහා දියර කිරි පාවිච්චිය පටන් ගත්තෙමු.
මේ ලියන්නේ මගේ අත් දැකීම් ය. එය ඔබේ හිතට ගෝචර නැත්නම් අල්ලා ගන්න එපා.
අවුරුදු ගණනාවක් ළමා වාට්ටු වල සේවය කර ඇත්තෙමි. මව් කිරි ප්‍රවර්ධනය සහ ස්තාපනය පිළිබඳව උපදේශකයෙක් ලෙස වැඩමුළු වලට පවා සහභාගි වීමි. මව් කිරිදීමේ වැදගත්කම අවබෝද කර ගත්තෙමි.
දරුවෙක් වැඩෙද්දී අවුරුදු 1- 2 පමණ වන විට මව් කිරි අවශ්‍ය නොවන බව ද දරුවාට අත්‍යාවශ්‍ය පෝෂණකොටස් ලැබෙන්නේ ඝණ ආහාරවලින් බවද ඉගෙන ඇත්තෙමි. මගේ දරුවාට මාස 7 -8 වෙන විට මව්කිරි දීම අඩු වුනි. ඒ රැකියාවට යන්න වුණු නිසාය.
අවුරුදු 1 1/2 පමණ වන විට එය සම්පූර්ණයෙන් නවතා දැමුවෙමි. ඒ අත්‍යාවශ්‍ය පෝෂන අවශ්‍යතා ඇති ආහාර ලබාදීම කිරි වලින් බඩ පුරවාගන්නා නිසා අමාරු වන නිසා ය.
මා වැඩට ගිය පසු (මාස 7- අවුරුදු එකහමාරක් පමණ) දරුවා බලා ගත්තේ මගේ මව ය. රාත්‍රී වැඩ මුර පවා කළ යුතු වූයෙන් කිරි ඉල්ලා හඬන මගේ දරුවා සනසා ගන්න ළදරු කිරි පිටිවල සහය පැතුවෙමි. එහෙත්, මාස කිහිපයකින්ම එහි අතුරු ප්‍රතිපල සහ අසාත්මිකතාව නිසා, පිටි කිරි සම්පූර්ණයෙන් නැවැත්වූයෙමි. ළමා රෝග විශේෂඥ තුමිය කීවේත් කිරි අනවශ්‍ය බවය.
දියර කිරි, යෝගට් සහ බටර් චීස් දුන් නමුත් කිරි ඉල්ලා අඬද්දී ඇයට ලැබුනේ, පළතුරු යුෂ බෝතලයකි එහෙමත් නැත්නම් කැඳ එකකි. එයට අපි නමක් දැම්මේ “ අත්තම්මාස් ස්පෙෂල් ෆැන්ටා” යනුවෙනි. කැරට් අලයක්, ගොටු කොළ මිටක්, කොළ දොඩම් ගෙඩියක්, ගස්ලබු කැබැල්ලක්,දෙහි චුට්ටක් සහ එවෙලේ තිබෙන දෙළුම්, නෙල්ලි හෝ ඕනෑම පළතුරක් ජූසර් එකක දමා කැබැලි කර දිය කර පෙරා ගත් විට එය තැඹිලි පැහැ සුමිහිරි පානයක් බවට පත් වේ. ගොටු කොළ දැමීම අනිවාර් ය වේ.
උදේට ලැබෙන්නේ කළු හීනැටි හාල්,මඩතවාලු හෝ සුවැඳැල්, වලින් පිසගත් බත් කැඳ එකක් පෙරා ගත් කැඳ වතුරය. දරුවාගේ බර අඩුවීමක් හෝ පෝෂණ ඌණතාවයක් තිබුනේ නැත. ( මේ හාල් වර්ග මිල අධිකය කියා මතයක් කියන නිසා මේ ටිකත් ලියමි. මේ හාල් කිලෝ ගණන් කැඳකට දමන්නේ නැත. රතු කැකුළු හාල් ද භාවිතා කළ හැක. )
කිරි දෙන්නේම නැද්ද ? කියා ඇස් උඩ තබන මව්වරුන්ට මම මගේ කතාව කියමි. අපේ රට ගිලගෙන ඇති මේ අනවශ්‍ය බිය සහ මාෆියාව නවත්වන තැනට අප කටයුතු කළ යුතු බව කියමි. මා මේ කතාව කියන්නේ මවක් හැටියට ය. අන්තර්ජාලයේ සොයා බලා කියවා නැණ නුවණ පහළ කරගන්න.

His Story

$
0
0

යෝගී යන අනවර්ථ නමින් හඳුන්වන මගේ දමිළ ජාතික මිතුරා මට අද හමුවුනේ මා 2008 සහ 2009 දී ලියා තිබූ බ්ලොග් සටහන් තුලිනි.

එකල මා නොසිතූ ලෙස ඒ ප්‍රදේශවල සේවය කිරීමට මටද හැකි වුනේ දෛවෝපාගත ලෙස ය. අද ඔහු පැරීසියේ හෝ ස්වීඩනයේ සිටිනවා වෙන්න පුළුවන.
බොහෝ විට පාඩම් කළේ කඩින් කඩ ය. ඔහුගේ අත පය පුරා පුහුණුවීම් වලදී ලද කැළැල් තිබුණි. පියාගේ අවමංගල්‍යයට ත්‍රස්ත නායකයා ආ හැටි සටහන් වූ ජායාරූප ගෙනැවිත් පෙන්නුවේ අපි එක්තරා රාත්‍රියක හොස්ටල් එකේ රොටී කමින් සිටියදී ය.


Sometimes we feel like its our responsibility to set everybody straight , make everything right and solve every one's problems. We do the best we can with right effort, but when we fail often feel bad and depressed.
We are often hurt and offended, by the things others say and do. I've learnt many valuable lessons thanks to the university/hostel life. Every other day You'd hear someone talking about you behind your back. Surprisingly most of them aren't even the usual people we associate with. when I was in first years I used to go to such people and questions them on what I've heard. Never thought that it would in return worsen the situation. Later on I learnt to control my emotions and words, specially with those whom I am not much familiar with. Then again, I used to hear things about others as well,hostel was one place where gossiping was at it's best. Yogi, was one of those ppl I never spoke with cause of the "stories" I heard about him. They'd say "He is one of "them" so be careful when you talk with him". One day while coming back to hostel after a late evening seminar,I had to sit next to him in the bus . As we spoke, He told me many things about their life situations in war affected areas.This is his story..

"හවස් වෙනකොට ගමට යන්න බස් නෑ එතකොට, ටවුමේ පන්සලේ නිදාගන්නවා, කොහොමත් පන්සලේ නිතරම කෑම බීම ඉඳුම් හිටුම් ලැබෙනවා"යෝගී, කියන්නට විය. යෝගී නමින් අපි කවුරුත් අමතන අප හිතවත් දමිල ජාතික මිතුරා ඔහුගේ කටහඩ අවදි කලේ, අවුරුදු ගැන අපි එකිනෙකා අපේ මතකයන් කියද්දී, යාපනයේ දුෂ්කර ගම්මානෙක සිට සිල්ප දැන උගෙන මෙහි පැමිණි ඔහු, අද වෛද්‍යවරයෙක් වීමට ඉගෙන ගන්නවා.
"බෞද්ධ හින්දු, මුස්ලිම් මේ ඕනෙ කෙනෙක්ට පන්සලේ ඉන්න ඉඩ දෙනවා, මම බෞද්ධ නෙමේ, මම හින්දු, ඒත් පන්සලේ තමයි අපි කොයි කවුරුත් නවතින්නේ, ආයේ උදේ බස් එකෙන් ගමට යනවා"
"ඒ පැත්තේ ගොඩාක් ඉන්නේ බෞද්ධ අයද ?"මම ඇහුවා.
"නෑ හින්දු අය, පන්සලට දානෙත් දෙනවා හින්දු අය"
"පන්සලේ උයන්නේ කවුද?"අපේ කෙනෙක් ප්‍රෂ්ණ කරනවා
"ආමි එකේ කට්ටිය ඇවිත් උයන්නේ, එතන තියෙන මුර පොලටත් කෑම දෙන්නේ පන්සලෙන්."යෝගී ට සිංහල වචන කිහිපයක් කතා කරන්න පුළුවන්වුනත් අප හා කතා කරන්නේ ඉංග්‍රීසි බසිනි.
ඇත්ත,  ඒ ප්‍රදේශ වල ජාතිවාදය හෝ ආගම්වාදය යන මේ කිසිවක් ඒ තරම් දරුණු නැත.
"වෙඩි සද්ද ඇහෙද්දී අපි කැලේට රිංගනවා, හැමදාම හවස් වෙද්දී අපි කැලේට යනවා. සැරයක් අපි රාත්‍රීයේ කැලෑ වදුනා, ඒත් මට උදේ වෙද්දී තේරුනේ මම අපේ පවුලෙන් මග ඇරිලා අතරමං වෙලා කියලා, පස්සේ ගමට ආවම ගෙවල් ගිනි තියලා, මිනිස්සු[පිස්සුවෙන් වගේ ඇවිදිනවා, අපේ අම්මා පිස්සියෙක් වගේ ගම හැමතැනම දුවනවා මාව හොය හොයා, එයා හිතලා මාව අරුන් සංවිදානෙට අරගෙන ගිහින් කියලා, අක්කාව හොයා ගන්න බැරි උනා , අවුරුදූ ගානකින් අවුරුද්දක් තිබ්බේ නෑ අපිට, ගිය අවුරුද්දේ තමයි අපි ඔක්කොමලා එකට එකතුවෙලා අවුරුද්දක් ගත කලේ, මේ සැරේ කොහොම වෙයිද දන්නේ නෑ"

ස්වභාවික අනතුරු අඩු, ක්ශේම භූමියක උපන්නත්, යුද බිය නිසා, අපේ ජීවිත බොහෝ දුරට නැති නාස්ති වී ඇත. යෝගීලා තරමට නැති උනත්, මරණ බිය කියන දේ අපේ හිත් වලටත් විටෙන් විට අඩුවක් නැතිව දැනුනා නොවෙද ? ඒ සිතුවිලි ඔස්සේ ලියැවුනු මේ කව මෙහි පල කළද සතුටු විය යුතු කාලයේ, සිත් තැවුලක් ඇති විනි නම් සමාවෙන්න.
ජනවාරි දෙවෙනිදා කිලිනොච්චි නගරය මුදාගත් පුවත ඇසූ ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිස් ප්‍රීතියෙන් පසුවිය. ත්‍රස්තවාදය නිසා ලොව පුරා කී දාහක් දෙනා අන්ත අසරණ අනාථයන් වී සිටීදැයි කල්පනා කළ විට... වැඩි දුර නොගොස් අපේ රටේ අපේම උන් කොයිතරම් නම් දුක් විඳිනවාද ?. දෙපැත්තෙම ඉන්නේ මිනිස්සු. යුද්ධය නැවැත්විය යුතුයැයි බොහෝ පිරිස් කියති.එහෙත් අවි දරා ගත් ත්‍රස්තවාදය තුරන් කළ හැක්කේ ඉන් පමණක් බව විශ්ව විද්‍යාලයේ මා සමග ඉගෙනුම ලබන, දමිළ ජාතික මිතුරා ගේ අදහසයි.


මේ ළඟදී දවසක ඔහු යළිත් මුණ ගැසුනි. යුද්ධය මා කතා කරන්නට අකමැතිම මාතෘකාවක් බව මම ඔහුට සඳහන් කළෙමි. මන්ද, ඒ සම්බන්දයෙන් බොහෝ දෙනෙකුගේ මතය විවිදාකාර වන හෙයිනි. බොහෝ දෙනෙකුගේ හිත් රිදෙන නිසා, තරහව වෛරය ක්‍රෝදය ඉන් හිත් තුලට ඇතුලු වන නිසා. අවිහිංසාව ඇති කළ හැක්කේ ත්‍රස්තවාදය තුරන් කරලා බව කතාබහේදී හේ මා සමග පවසයි, යාපනය නුවර මාර්ගය නැවත ජනතාවගේ පරිහරනයට ලැබීම ගැන බොහෝ උද්දාමයෙන් පසුවේ. "මට ගමේ යන්න පුළුවන් නිතර". මේ සිදුවන දේ ගැන යාපනේ වැසියෙක් වන මගේ මිතුරා කතා කලේ පහන් සිතිනි. එනමුත් ලංකාවට පය ගසා නොමැති ඇතැම් පිටරට වල වෙසෙන පිරිස් තවමත් ත්‍රස්තවාදීන්ට උල්පන්දම් දෙති.

කැමැත්තෙන් කිරීම!

$
0
0
අනෝජා බොහොම අමාරුවෙන් ඉගෙන ගත්ත දැරියක්. ඇය අපේ වාට්ටුවට ඇතුල් කරලා තිබුනේ වෛරස් උණ නිසා. මේ දවස් වල වගේම ඒ දවස් වලත් වෛරස් උණ තිබුනා, වාට්ටු පිරී ගියා, අනිත් කොණ තිබුණු වාට්ටු වල ඇඳන් හතලිහක් පමණ තිබුනට ලෙඩුන් ඊට වඩා ප්‍රමාණයක් හිටියා. අපේ රටේ සාමාන්‍ය ජනයාගේ බදු මුදල් වලින් ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවය එකී ජනතාවට හිතකර පිණිස වැඩි දියුණු කරන්න, සම්පත් සහ සැප පහසුකම් වැඩි දියුණු කරන්න කවුරුත් උත්සුක විය යුතුයැයි මට සිතේ.
අනෝජා හිටියේ අපිට පේන මානේ ඇඳක. ඒ දවස් වල මම වාට්ටුවේ වැඩ ඉවර කරලා මොකක් හරි බරසාර පොතක් කියවනවා. බොහෝ විට වෛද්‍ය විද්‍යාව සම්බන්ද පොතක්. අපිට එහෙම පොත් ගොන්නක්ම මිතුරෙක් ගෙනත් දුන්නා ඉස්සරහට එන එක්සෑම් වලට පාඩම් කරන්න කියලා.
"ඩොක්ටර් ඉංග්‍රීසියෙන්ද කියවන්නේ"අනෝජා එක වෙලාවක ඇහුවා.
"ඔව් අපිට ලියන්නත් කියවන්නත් ඔක්කොම කරන්න තියෙන්නෙ ඉංග්‍රීසියෙන්"මම පැහැදිලි කළා.
"මට අමාරුම ඉංග්‍රීසි"අනෝජා කීවේ මූණ ඇද කරමින්.
"ඒක ඇත්ත මට ඕක හිතාගන්න පුළුවන්. ඉංග්‍රීසි කොහොමත් අපිට උගන්වන පොත පත නම් ස්ටෑන්ඩර්ඩ් මදි... ඊටත් වඩා ගුරු හිඟයත් තියෙනවානේ"  ඒ එක්කම මම ඒ කාලේ දැක්කා එයාලගේ සිලබස් වෙනස් විත්තිය.
ඔහොම ඉන්න අතරේ අනෝජා කියනවා පොඩි කාලේ කොයි තරම් අමාරුවෙන්ද පාඩම් කරේ කියලත්.
සමහර දවසට ගෙවල් අත ඇරලා කොහේ හරි නෑයෝ ඉන්න දිහාක ගිහින් එද්දී සති ගණන් පාසැල් පැවැත්වුනේ නැතිලු. අනෝජා ගේ අක්කා සංවිධානෙට බැඳුන නිසා ගෙදර අනික් කුඩා වුන්ට ඉන්න දීලා තිබුනා. 
"ඩොක්ටර් ඔයා කොහොමද ගෙදර නැතුව ඉන්නේ"අනෝජා කැඩිච්ච සිංහලෙන් අහනවා.
"ජීවිතේ අපිට එක එක කාලෙට එක එක විදිහේ තෝරා ගැනීම් කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ තෝරාගැනීම් එක්ක අපිට කොහොම හරි ඉන්න වෙනවා. Its a choice anoja, we just have no other option but to live with our choices" 
"ඒමද..."අනෝජා බර කල්පනාවක ආයෙමත්.
"ඩොක්ටර් ඒ තෝරා ගැනීම හොඳ ද?"අනෝජා ඉංග්‍රිසියෙන් අහනවා.
"I dont know dear. I just love what I do thats all that matters"මම ඇයට උත්තර දෙනවා ඉංග්‍රීසියෙන්. එහි තේරුම "මම දන්නෙ නෑ දරුවා, මම කරන දේ කැමැත්තෙන් කරනවා ඒක තමයි වැදගත් !"

මට මේ කුඩා ගැහැණු දරුවන්ගේ කතා මතක් වුණේ මෑතකදී මට මුහුණ දෙන්නට සිදුවුණු සිදුවීම් මාලාවක් නිසා. මිනිස්සු කොයි තරම් නම් තමන්ගේ ආසාවල් සහ කැමැත්තවල් නිසා අනුන් පෙළනවාද කියා මම අත් දුටුවා.  ඉතින් මේ මතකයන් අළුත් කරන්නට හිතුනා.

බ්ලොග් ලියමන අමතක කරේ නැති වුනත් රැස පුවත් පතේ ලියන "සායනික සටහන් නොවේ"තීරුව ලියන්න සිදුවෙන නිසා ලියන්න ගත කරන කුඩා කාලය ඒ වෙනුවෙන් යොදවන්න සිදුවුණා.
පුවත් පත් තීරුව ලියන්න අරගෙන දැන් අවුරුද්දක් !

ඒ ගැන ඇත්තෙ සුපහන් සිතුවිලි සමුදායක් ! 
මීට බොහෝ කලක සිට අපි ලියන ඒවා ඇස ගැටුණු පත්තර මිතුරන් නිසා ඒවා පුවත් පත් වල පල වුණා. නමුත් රැස පුවත් පත පටන් ගත් කාලයේ පටන් එහි තීරුවක් ලියන්න යැයි ආරාධනා කරමින් මට නිරතුරු මතක් කිරීම් එවමින් මංජුල සමරසිංහ මල්ලී මා ලවා කෙසේ හෝ තීරුව ලියවා ගත්තේය. ටිකෙන් ටික පාඨක ප්‍රතිචාර සුබාශිංසන සමග වචන 650 හේ තීරු 53ක් මේ වන තෙක් ලියැවී ඇත.
ජීවිතය යනු තෝරාගැනීම් රොත්තකි.
ජීවිතයේ බොහෝ තෝරා ගැනීම් ගැන ලියන්නට ඇත්තේ ද මා අනෝජාට කී දෙයම ය.
"මම කරන දේ කැමැත්තෙන් කරනවා එයයි වැදගත් !"



අකම්පිතය, අචල ය !

$
0
0
සත්‍ය සිදුවීමක් ඇසුරිනි.

"දැමුවොත් ශුද්ධ වූ ග්‍රන්ථයක්
වැසිකිළි වලකට ස්වාමිනී
ඔබ කුමක් නම් කරන්නේද ?"
ඇසුවා අජාන් හිමිගෙන්
පත්තරේකින් දවසක්...

"විගහින් අරන් දුරකථනය 
ඇමතුමක් දෙනවා මම නම්"

"කාටද කා හටද ?
අනෙක් පැවිදි උතුමන්ටද
පොලිසියට හමුදාවටද 
අපහාසයට නඩු යන්න
ලෝයර් උන්නාන්සෙටද
ගිහි දායක සභාවටද 
මාධ්‍ය ආයතන වලටද 
කියනු මැන හිමියනේ
ඒ ඇමතුම ගන්නේ කාටද?"

"නැත නැත ඒ වැඩය 
ඔය කාටවත් කළ නොහැකිය
පොත නිසා හිර වූ වැසිකිළිය
පයිප්ප වැඩ කරුවෙකුට මිස
ඔබ කියූ කාටවත් පුළුවනිද හදන්නට?"

"එහෙත් එය ශුද්ධවූ ග්‍රන්ථයක් 
ඔබේ දහමට නිගරුවක්
සිදුවුනා නොවෙද හිමියනි
බුදු දහමට අපහාසයක් ?"

"අචල අකම්පිත 
නිසල කරනා සිත 
ශ්‍රේෂ්ඨතම දහමය
අකාලික ! ඒහි පස්සික !
එහෙව් මහ මුනි දහම
සසලව නොයේ කිසි කළ
වැසිකිළි වල නිසා 
දහමක් නොයේ වැනසී"

බුද්ධත්වය ඇත්තේ පොතක අකුරක නොවේ
සිතේ අකුසල කුසල තමා දත යුතුම වේ
දැමූ බඳුනක් වැනිය අකුරු කළ පොත පතේ
බඳුන බින්දාට මහ මුණි ගුණය පහ නොවේ

බෝධිනී සමරතුංග 2019 අප්‍රේල්

. The Container and the Contents

There were riots in the streets some years ago after a guard at Guantanamo Bay was accused of taking a holy book and flushing it down the toilet.

The next day, I took a call from a local journalist who told me he was writing an article about the outrage by asking leaders of all the major religions in Australia the same question he was about to ask me.

“What would you do, Ajahn Brahm, if someone took a Buddhist holy book and flushed it down your toilet?”

Without hesitation I answered, “Sir, if someone took a Buddhist holy book and flushed it down my toilet, the first thing I would do is to call a plumber!”

When the journalist finished laughing, he confided that that was the first sensible answer he had received.

Then I went further.

I explained that someone may blow up many statues of the Buddha, burn down Buddhist temples, or kill Buddhist monks and nuns; they may destroy all this, but I will never allow them to destroy Buddhism. You may flush a holy book down the toilet, but I will never let you flush forgiveness, peace, and compassion down the toilet.

The book is not the religion. Nor is the statue, the building, or the priest. These are only the “containers.”

What does the book teach us? What does the statue represent? What qualities are the priests supposed to embody? These are the “contents.”

When we recognize the difference between the container and the contents, then we will preserve the contents even when the container is being destroyed.

We can print more books, build more temples and statues, and even train more monks and nuns, but when we lose our love and respect for others and ourselves and replace it with violence, then the whole religion has gone down the toilet.
from the book "dont worry- be grumpy" Ajahn brahmavanso

සංතෘප්ත වීම.

$
0
0
අනිත් කොන නොලිවීමට හේතු බොහෝ තිබෙනවා.
ආසන්නම හේතුව මගේ පරිගණකයේ අන්තර්ජාල වෙබ් අඩවි තුළ යුනිකෝඩ් රචනය කොහෙත්ම බැරි වීම. සියල්ල යළි ප්‍රතිස්තාපනය කරගත් පසු ලියන්නම ඕනෑ ය කියා හිත වද දෙන්න ගත්තේ කොළඹ ගමයා හෙවත් අජිත් ධර්මකීර්ති අයියාගේ තුන්වෙනි පොත හෙවත් ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ පොත දොරටවැඩුමේදී බ්ලොග් සුමිතුරු බ්ලොගර්ස්ලා නැවත හමුවීම යි.
මුහුණු පොත නිසා බ්ලොග් ලියමන අඩාල වුණ අය බොහොම බව කතා බස් අතරතුර ඇහුනා. මට නම් රැස පත්තරේ සති පතා තීරුව නිසා බ්ලොග් පිටුව ලියවෙන්නේම නැති තරම් වුණා. 
දැන් බොහෝ කාලයක් ගත වෙලා අවුරුද්දක් තීරු ලිපි සියල්ල එක්‍ රැස් කරලා පොතක් කරන්න යනවා.
Every now and then i reach out to people who seek my help....
I just turn the directions and show them a away... in return they bring me joy and love for a life time..
"So proud of the 2 girls who brought me good news!!!"
ජීවිතේ අපිට තව කෙනෙක්ට කළ හැකි කුඩා හෝ උදව්ව උපදෙස දිය යුතුය. මේ ලෝකේ හැදිලා තියෙන්නෙ ගනු දෙනු වලින්
අද ඉතා ප්රීතිමත් දවසක් !
ගිය සතියේ දවසකත් අදත් නංගිලා දෙන්නෙක් ඔවුන්ගේ ජයග්රහණ ගැන කියලා ස්තූති කළා.
එහෙම කළ ගුණ මතක් කරලා ස්තූති කළ නංගී කෙනෙක්ට මම කීවා
 "you made my day "කියලා "ඔබ මගේ දවස සංතෘප්ත කළා"කියලා
ඇය මට පිළිතුරු දෙනවා " you made my whole life better"කියලා. "ඔබ මගේ ජීවිතේම වඩා හොඳ කරා"කියලා.
ජීවිතේ අපිට හැම තිස්සෙම අපිව තනන මිනිස්සු අපිව ගොඩ නගන මිනිස්සු හමුවෙන්නෙ නෑ. අනෙකා කෙරෙහි ද්වේශය වෛරය පතුරමින් කෙනෙක්ව අමාරුවේ දමන්නේ කොහොමද හිතන අයමයි හමුවෙන්නේ. කරුමෙට ඒ අය උගත් ලේබලය අලවගෙන ඉන්නේ. මිනිස්සු රැවටෙනවා.
මෙච්චර දන්නා හඳුනනවෙලත් අපිත් රැවටෙනවා.
තව එකෙක් විනාශ කරන්නට උපදෙස් දෙන අංචිඅදින ගල් පෙරලන ඇඟේම විෂ සහිත වූ පිරිස් බහුලයි.
"ඇදේට යමින් ඉන්නා කකුළුවන්ගෙන් කෙලින් යන හැටි අහන්න එපා"කියලා කියමනක් තියෙනවා.
අවාසනාවකට ඒ අය දන්නෙත්නෑ ඇදේට යන බව.
මේක හරි අමාරු ලෝකයක් ! එනිසා හැකි තරම් කෙනෙක්ට ආශිර්වාදයක් වෙමු ! මිනිස්සු විනාශකරන්නට අර අඳින්නන් මඟ හරිමු.
කාලෙකට කලින් උදව් කිරීම ගැනත් විවිද භයානක අත්දැකීම් තිබුණ නිසා යම් සීමාවක ඉඳන් මමත් කටයුතු කළේ හැබැයි අද බොහෝම සතුටු දවසක් 🌸😊

බිඳෙන සුළුය

$
0
0
මම මේ ටික ලියන්න ගත්තේ තැනතැන පුපුරා යන මිනිසුන් දැක දැකම. මාත් විටෙක ඇතුලතින් ඇති හිත් පිපිරීම් දෙදරීම්නිසා කම්පා වෙනවා.
තනිතනිව අරගල අතර තුර පැමිණෙන බොහෝ ආතතිය හා දෝරේ ගලා යන අකාරුණික බව දැක
සටන් බිම වැද අරගලය අතරේ
බොහෝ බරැතිව රිදුම් දෙන හිත්
හිනා පොදි දවටගත් වෙස් මුහුණු
පිපිරීම් සළකුණක් නැති මුහුණු
බිඳෙන සුළු ය
දැවෙන සුළු ය
විසිර ඉහිරෙන සුළු ය
ආදරය තැවරුණු සැතකින්
බලා එල්ලය ගෙන
පලා පිට මැද
නොදන්නා දින අග
පැලී ගැහෙනා හද බිත
නාඳුනන වෙස් ගෙන
නොදන්නා අටියෙන්
අහකටම යන මිත
ළගන්නා වදනින්
කෙසේදැයි අසමි ම'මිතුර
තවම නොමදත්තෙද
බිඳෙන සුළු බව හිත්...
We are fragile
Breakable people
Breaking into zillions of tiny pieces
in a battle field with internal Explosions
No one can see them
Oh none !
බෝ 2019

මේ කතා සතුටු නෑ සමරන්න !

$
0
0
සායනික සටහන් නොවේ !
දොරට වැඩුමක් නැත ! පොත මෙසේ ජනගත කරමි ! එහෙත් අප හමුවිය යුතුමය... එනිසා සංවාදයකින් මුණ ගැසෙමු.
ඇවිත් මේ පොත ඔබත් අරගන්න
ඔබේ හිතවත් සවිය මට දෙන්න
ගිනි ගන්න මිනිස් හිත් මිස ඔන්න
මේ කතා සතුටු නැහැ සමරන්න
අඬ අඬා ජීවිතේ අත් හරින
රටක් හෙලනා සුසුම් අත ගන්න
මේ රටට නිදහසේ සැනසෙන්න
එහෙව් දුක මැඩිය හැකි මග ගන්න
පොත රැගෙන හෙමි හෙමින් කියවන්න
දුක දරන මිනිස් හිත් හඳුනන්න
නාඳුනන හුස්මකට වෙහෙසෙන්න
හැකි දාක අපට හැක හිනැහෙන්න
ඉතින් සුබ දසුන් නැත මට දෙන්න
හද ගැහෙන හඬ ඔබත් විඳගන්න
එහෙව් අකුරක් ඇවිත් ඇහිඳින්න
පණ ගැහෙන කතා රැස අරගන්න
බෝ 2019
මේ අකුරු පණ පෙව්වේ නන්නාඳුනන මිනිසුන් වෙනුවෙනි. හැමට හිනැහිය හැකි නිදහස් රටක නිදහස් සෞඛ්‍ය සේවයක් වෙනුවෙනි. ලියන්නම බැරි කාලයක ලියන්න ඔක්සිජන් සපයමින් මා ඇහැරවා ගත්තේ ලේක් හවුස් - රැස පවුලයි. මේ කතන්දර තීරුව නොතිබුනානම් ලියන්න හිතක් හෝ ඉස්පාසුවක් නැති කාලෙක මේවා හිත තුලම සිඳී වියැකී යන්නට තිබුනා...
යම් කාලයක සිට මම අවබෝද කරගනිමින් සිටින්නේ අප පෙනී සිටිය යුතු යුක්ති ගරුක මානුෂීය ගුණ දහම් ගැනය. එහෙයින් හෘද සාක්ෂියට අනුව මට ගිනිගන්නා රටක සියල්ල අමතක කොට සිනහ නැගිය නොහැක.
ඉතින් මෙලෙස ඔබ අතට පත් කරන මේ පොත...මේ කතන්දර... ඔබට දැනුනානම්
රැස - සායනික සටහන් නොවේ තීරු ලිපි සංග්‍රහය රැගෙන කියවන්න !
කියවා මා වෙනුවෙන් මුහුණු පොත/බ්ලොග් මගින් ඔබේ ගල් මල් සියල් අමුණා එවන්න. සැම සම සිතින් බාර ගනිමි.
නිදහසේ කතා බහ කළ හැකි අවකාශයක පොතේ අකුරක් ගානේ කියවා දැනුනානම් ඔබට එදාට අපි සංවාදයක් අරඹමු අප තැනිය යුතු හෙට දවස වෙනුවෙන්
එතෙක් ඔබ එවන සියලු සුපැතුම් එකතු කරන්නෙමි.
පොතට වෙහෙසුන ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයේ, Dasun Sameera Weerasinghe, Thanoja Waduge, Naveen Srimal
කවරය නිර්මාණය කළ Pradeep Premalal
ඇතුළු උදව් කළ හැමෝටම බොහෝ ස්තූතියි.
ප්‍රී ඕඩර් කරන්න පහත ලින්ක් එකට පිවිසෙන්න.
https://m.facebook.com/story.php?story_fbid=2476125032425018&id=906331262737744




ස්ත්‍රීත්වය - උනුන් දරා ගන්නා සුළුය

$
0
0
“ඩොක්ටර්…” කියූ ඇය මා ඔළුව ඔසවා බලන තෙක් මගේ පිටුපසට වී සිටියාය.

“අම්මා, ප්ලේට්ලට් නම් තවම සීයට එහා නැගලා නෑ. ඒත් සුදු රුධිරාණු වැඩි වෙන්න අරගෙන ඒක සුභ ලකුණක්. අද හවස රිපෝට් එක බලලා ඒකේ වෙනසක් තිබ්බොත් හෙට යන්න පුළුවන්”

“ලොකු දෙයක් ඩොක්ටර්. මම දැන් ආයෙම දුවලා හයට එනවා”

ඉතා කුඩා ශරීරප්‍රමාණයක් හිමි ඇය යළි දරුවාගේ ඇඳ ළඟට දුවයි. ඇගේ අම්මා දරුවා ළඟ උදේ සිට හවස් වනතෙක් ඉන්නා අතර අසල කර්මාන්ත ශාලාවක අත් උදව් සපයන ඇය නිවාඩු නැති හෙයින් රාත්‍රිය පුරා ඩෙංගු උණ සමග පොර බදනා දරුවා සමග ඔට්ටු වී, මූත්‍රා මැනිල්ලේ සිට දියර මැන මැන බොන්නට දීමත් අර දරුවාගේ කරදර ඉවසීමත් අප බලා සිටින්නේ විමතියෙනි.

උදෑසනම ඇගේ අම්මා පැමිණි සැනින් ඇය ලක ලැහැස්ති වී වැඩට යති. හවස පැමිණ දරුවාගේ ඇඳ ළඟ පුටුවක් තියාගෙන කුඩා කතන්දර පොත් කියවමින්, කටුවක් දමා නිතර ලේ ගනිමින් පරීක්ෂා කරනා අප හා උරණ වී සිටින දරුවා මේච්චල් කරගන්නට බොහෝ චාටු බස් දොඩන්නීය. හවස ගත් ලේ පරීක්ෂණ වාර්ථා ලැබුනේ මහ රෑය.

“ඔන්න ඩොක්ටර් මම අර අම්මට නිදියන්න පැදුරක් දීලා කිව්වා. දරුවත් නිදියන එකේ ඔයා ඇඳ ළඟ නිදියාගන්න කියලා” අපේ හිත හොඳ හෙදිය මා වෙත එමින් පැවසුවාය. ඒ අම්මා දින ගණනාවක් නින්දක් නොලැබ සිටි බව අපි හැමෝම දන්නා කරුණකි.

ළමා වාට්ටුවේදී ද, ප්‍රසව හා නාරිවේද වාට්ටුවේදීද , මට හමුවන ගැහැණුන් ප්‍රමාණ වූ දුක් කරදර කන්දක් පොදි බැඳ මහා මේරුව තරණය කරනු දකිමින් ඔවුන්ගේ අතොරක් නැති දරා ගැනිල්ලට යන්තම් හෝ උදව්වක් දෙමින් අපද එවන් වූ මහා බර පොදි දරාගෙන සිටින්නෙමු.

චිත්ත සන්තානයේ ඉපදෙන සිතුවිලි පුදුමාකාර ය. ගැහැණිය, තමන්ගේ ලෝකයේ ඕනෑ එපාකම් අනුව තම ජීවිතය වෙනස් කරගනී, යන මඟ සකසා ගනී. ඇතැම් විශිෂ්ඨ චිත්ත ශක්තියක් හිමි අයවලුන් තම සිතැඟි ඔස්සේ ජීවිතය සොයා යයි. අම්මා යන භූමිකාව හමුවේ ස්ත්‍රීන් තමන් මෙතෙක් යමින් සිටි මාවත අත හරින අයුරු, වෙනස් කරගන්නා අයුරු මට නිරන්තරයෙන් දකින්නට ලැබේ. මේ ලියන මම ද, ජීවිතයේ වගකීම් හමුවේ, මාතෘත්වය හමුවේ මගේ අරමුණු නවතා හෝ වෙනස් කරගෙන ඇත්තේ දරුවෙකුගේ කායික සහ මානසික වර්ධනය සඳහා මවගේ ආදරය සහ කැපවීම අවශ්‍ය බව හොඳින්ම දන්නා නිසා ය.


මට හමුවෙන බොහෝ ස්ත්‍රීන් හුදෙකලා වූවෝ ය. ඔවුන්ගේ හදවත ගැඹුරෙහි දිග පළල ගැඹුර විනිවිද පෙන්වන කතන්දර බොහෝ අප හමුවේ දිග හැරේ. මේ ලංකා සමාජය තුල හමුවෙන ස්ත්‍රී න්බොහෝ පීඩන හමුවේ ගොළුවී සිටී. සමාජය විසින් ඔවුනට හිමි කර දී ඇත්තේ එවැනි අනාරක්ෂිත බවකි.

ඇතැම් විට දරුවන් වෙනුවෙන්, දෙමාපියන් වෙනුවෙන්, සමාජයේ ජීවත් වීම වෙනුවෙන් තම සිතැඟි දෑ කප කරන අතරම නොරැඳෙන බන්දන රකින ස්ත්‍රීන් බොහෝ වෙති. ඔවුන් හුදෙකලාව තුළ නඟනා සුසුම් හඬ නෑසෙන සුළුය.

මා දකිනා ශක්තිමත්ම ජීවියා ස්ත්‍රීය වේ. එකී ස්ත්‍රිය මවක් වූ විට එම ශක්තිය දෙගුණ තෙගුණ වී ඇය තුළට ආරෝපණය වේ.

"මම රට ගියේ දරුවට හොඳින් සලකන්න එද්දි හොඳටම ලෙඩ වෙලා... අනේ ඩොක්ටර් බබාව දිගටම ක්ලිනික් ගෙනත් නෑ ගෙදර අය.. ආයෙම ක්ලිනික් දාලා දෙන්න"

තරුණ මවක් පැමිණ අප හමුවේ බැගෑපත් වේ.. අවුරුද්දකට වැඩි කාලයක් ක්ලිනික් හෙවත් සායන පරීක්ෂාවට නොපැමිණි දරුවාට මුත්‍රා ආසාධනයකට ප්‍රතිකාර කර ඉන්පසු ... සායනික පරීක්ෂාවට යොමු කරන ලදී.

"මහත්තයා නැතුව මං තනිවම දරුවා හදන්නේ "ඇය ද අප හමුවට එන්නාවූ බොහෝ කාන්තාවන් මෙන්ම තනිව අරගලයක නියුතු මවකි. සැමියා ඇය හැර ගොස් ය.

"මම මෙහෙ රස්සාවක් හොයා ගත්තා නෝනා ආයේ මම යන්නේ නෑ.. ඉන්නේ මෙච්චරයිනේ මට. "ඇය පවසන්නේ දෑස් කඳුළින් පුරවාගෙන ය.

ලංකා පොළොව මත මේ අරගලය බොහෝ වෙහෙසකර ය. කාන්තාව ගැන කතා කරද්දී බිඳී වැටෙනා ලෙහී වෙන්වෙනා පවුල් එමට ය. පවුලක් යනු මව පියා යන දෙදෙනාගේ ආදරය නිසාම නිර්මාණය විය යුත්තකි. හැඟීම් මත පදනම්ව හැඟීම් සන්තර්පනය කරන්නට යෑම තුළින්ම අද බොහෝ පවුල් සංස්ථා බිඳ වැටී ඇත. ඇතැම් විට ඒවා පවතින්නේ නාම මාත්‍රිකව පමණි. එය කෙතරම් දරුවන්ගේ මානසික වර්ධනයට බලපාන්නේදැයි අප හමුවේ දිග හැරෙන ශෝකාලාපයන් පැහැදිලි කරවයි.

“ඔබේ දරුවන්ට ආදරේ නම්, ඔවුන්ගේ මවට ආදරය කරන්න” මේ මා අන්තර්ජාලයේ දුටු ආදර්ශ පාඨයකි. අවාසනාවකට අද, නුසුදුසු පවුල් පරිසර තුල දරුවන් අතරමං වී සිටී. සියළු බර දරාගෙන ගැහැණිය හුදෙකලා අරගලයක ය.

මේ කාන්තා දිනයේ අප අමතක කරනා තවත් පැත්තක් ගැන මම අවධානය යොමු කරන්නට සිතුවා. ඒ කාන්තාව පත්වන මානසික ආතතිය හෝ අවපාත තත්ත්වයන් ගැනය. තනිව හෝ වෙන වෙනම නිහඬ අරගලයක යෙදී සිටීමෙන් හෙම්බත් වන අම්මලා, උදව් ඉල්ලද්දී...ඒ ගැන සැලකිලිමත් වන සමාජයක් නැති තරම් ය. අන්තර්ජාලය තුළ ඇති සමාජ මාධ්‍ය ජාලාවල නාමිකව හෝ නිර්නාමිකව ඔවුන් මේ වියවුල් කඳුළු අකුරු කරනු දැකීම මහත් වූ කම්පනයකි. අහිතකර විෂකුරු සමාජ පරිසර තුළ ඔවුන් තව දුරටත් වියවුලට පත්වනවා මිස එයින් මිදෙන්නට මංපෙත් විවර වෙන්නේම නැති තරම් ය.

රටක පැවැත්ම එහි ජීවත් වෙන රට වැසියාගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා සුබ දායක වන ලෙස අප වෙනස් කරගන්නේ කෙසේ ද?

ගැහැණියක හෝ මිනිසෙක් වේවා, පවතින ආර්ථික සාමාජීය ගැටළු සහ අවපාතයන් සේරමත් සමග වගකීම් සහිත බැරෑරුම් රැකියාවක් කරද්දී මනසට අත් වන ආතතිය බොහෝය. ‍ඒවා බොහෝ කායික රෝග කෙරෙහිද බලපාති.

දරුවා හෝ දරුවන් ද සමග සියදිවි නසාගන්නා මව්වරුන් ගැන අපට වසරකට කිහිප වරක් අසන්නට ලැබේ. මා මනෝවෛද්‍ය වාට්ටු තුළ සේවය කරද්දී එසේ සියදිවි නසා ගැන්මට තැත් කළ ස්ත්‍රීන් කිහිප දෙනෙකු මට මුණ ගැසී තිබේ.

සියළු දුක්වේදනා හමුවේ අවසන මව්වරුන් මෙලෙස දරුවන් හා දිවි නහගන්නා තත්වයට පත් වන්නේ නම් එය කොයි තරම් බරපතල කාරණයක් දැයි සමාජයක් වශයෙන් අපට දැනිය යුතු ප්‍රබල කාරණයකි.

තනිව වෙහෙසෙන මව්වරුන් බොහෝ ය. බොහෝ විට සිදුවෙන්නේ හිතේ ඇතිවන්නාවූ තුවාල සමග ඒවා සුව වීමටවත් කාලයක් හෝ ඉඩක් නොදී, ඇය කළ යුතු, වගකීම් , යුතුකම් ගැන කියමින් , “රටේ ලෝකේ හැමෝම කරනවා, ඉතින් ඔබත් කළ යුතුයි” කියා තවත් තෙරපීම ය.

සියල්ල ඉවසාගෙන කරනවා ඇරෙන්න විසඳුමක් නොදෙන සමාජයක අවසන ඔවුන් පුපුරා යෑමට ඉඩකඩ බොහෝය. බෝ නොවන රෝගවලින් ආතුර වූ සමාජයක, ගැහැණිය ද ඒවාට බොහෝ ඉක්මනින් ගොදුරු වෙන්නේ, තමා ගැන බලා ගන්නේ නැති නිසාය. උදේ රැයින් නැගිට දරුවන් වෙනුවෙන් වෙහෙසෙන, අම්මලා එක්කෝ එකතැන ඉඳගෙන වැඩය, නැත්නම් ගමනේ ය. අප සමාජයේද බොහෝ පිරිසක් දියවැඩියාව අධික රුධිර පීඩනය සහ ශරීරයේ මේද අධිකභාවය නිසා ඇතිවන රෝගාබාදවලින් පෙලෙති. අධි ස්ථුල බව බොහෝ කාන්තාවන් කෙරෙන් දක්නට ලැබෙන්නේ ඔවුන් තමා ගැන බලාගන්නේ නැති නිසාම යැයි සිතේ. වයසටවඩා වයස්ගත වූ බවක් පෙන්නුම් කරන්නේ ඔවුන් දරා ඉන්න බොහෝ දුක් දෝමනස්සයන් පිරි ජීවිත තුලින්ද එකතු කරන්නාවූ පීඩාකාරි තත්ත්වයන් නිසාය.

පවුලක ආදායම් සපයන්නා වීම, ස්වාමියා රහිතව දරුවන් උස්මහත් කිරීමට සිදුවීම ,රැකියා විරහිත භාවය, දීර්ඝ කාලීනව බලපවත්නා මානසික සහ කායික රෝගාබාද වැනි මේ කරුණු ගැන වඩා විවෘතව කතා කළ හැකි තැනක් හෝ ක්‍රමයක් අපට තිබිය යුතුය. විශේෂයෙන්ම ස්ත්‍රීන් සේවයක කරනා තමන්ගේ සේවා ස්ථානයේ වැඩ කරන අය සඳහා, මනෝ වෛද්‍ය උපදෙස් සහ තක්සේරු කිරීම් සිදු කළ යුතුය. සමාජයේ හෝ ප්‍රදේශයේ, ක්ෂේත්‍ර රැකියාවෙහි නියුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා, ප්‍රදේශය බාර ප්‍රාදේශීය සෞඛ්‍ය සායනයේ වෛද්‍ය සායනය වෙත සියලු පවුල් වල ඇති ප්‍රශ්න සහ ගැටළු ගැන දැන ගැන්මට ලැබෙන යාන්ත්‍රණයක් ඇති කළ යුතුය. විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී පවුල් සහ අහිතකර සමාජ පරිසරවල ජීවත්වන , ඔවුන්ගේ මානසික ගැටළු සහ සාමාජීය ගැටළු ගැන

සමාජය මනෝ වෛද්‍ය ගැටළු සහ ඒවාට සහයෝගය සොයා යන්න ඔවුන්ගේ හිතේ මනෝ ව්‍යාධි ගැන ඇති භීතිකාව ඉවත් කළ යුතුය. එවිට මානසික ගැටළු හංගා ගැනීමට වෙර දරන භාවය අඩු වෙනු ඇත.

සියල්ල අපහසු වූ සමාජයක ගැහැණුන් උනුන් වෙනුවෙන් සහයෝගය දැක්වීමට, උනුන් තලා පෙලීමට නොව වැටෙන තැනදී නැගිටුවාගැනීමට ස්ත්‍රීන් ලෙස අප පුරුදු පුහුණු විය යුතුය. ගැහැණිය අසරණවන, අඩම්තෙට්ටම්වලට ලක්වන කවර හෝ මොහොතකදී තවත් ඔවුන් පීඩනයට පත් කිරීමට නොව ඒ ඉන්නා කරදරෙන් මුදා නිදහස් කිරීමට හැකි සහයෝගිතා යාන්ත්‍රණයක් මේ ස්මාජයේ සකස් විය යුතුමයැයි මට සිතේ.

ලෝක කාන්තා දිනය සමරන එක් දවසක ගැහැණිය වෙනුවෙන් මේ ලියනා ලිවීම් හුදෙකලා නොවී දිනෙන් දින , එකිනෙකා වෙනුවෙන් වෙහෙසෙන, ඔසවා දරා සනසන සමාජ වටපිටාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශක්තියක් සපයනු ඇතැයි ද දරා ගැනීම් අපහසුම කාලයක අපි උනුන් වෙනුවෙන් දරා ගැනීමට වෙහෙසිය යුතුයැයි ද මම තරයේ විශ්වාස කරන්නෙමි.



When it really gets ugly !

$
0
0
දූෂණය හමුවේ ! I always wonder where did we fail ?

I've been a pain bearer for almost all the women and girls, even children who were admitted to our wards. We could do only little to ease their pain. Even though they needed healing which was a life long process we could only give emergency Medications and listen to their stories !

I've been writing a blog a newspaper column and have written 2 books. You would have come across many of those stories mentioned below. Men seems to bear more body power and strength than the average women but that doesn't give them the power or superiority to violate one's right to live a secure life in this world. 
When i travel back and forth from north to colombo, many try to make a conversation with me, but give up as soon as I sharply say, "I dont want to talk" and for those who wouldnt stop even after a frown, I tell this "look, I'm a doctor working in the general hospital. I dont know you. so  leave me alone, I don't want to talk to you".
most of them back off apologizing !When we discussed about this issue, one of the counselors in our hospital said "doctor you are safe cause you could talk against it, but most of the innocent girls are harassed in buses cause they are unable to talk against them."

Once I've got into a pre booked night bus to north  and realized im the only female with few other men in the bus when my mom asked me if there were other women. I've got down In the next hospital and asked husband to come there to pick me. Even when the bus crew knew Im a doctor traveling to the hospital in north i was forced to get out Just cause i was shattered by the story of the indian girl who was raped and killed in a bus. We cant trust anyone anymore.

Its time to say its enough to violence , harassment ,rape and abuse against women.  Its time to stay "STOP". 

ගැහැණියකට නිදහසේ පාරේ තොටේ නොව තම නිවස තුලද අනාරක්ෂිත තත්වයක් ඇති කාලයකි මේ. පිරිමියකුගේ රැකවරණය ප්‍රේමය සහ සහජිවනය ඇති විය යුතු තැන අද ඇත්තේ දූෂණය පීඩනය සහ අඩම් තෙට්ටම් කිරීමය. 
අප රෝහලේ අල්ලපු වැටේ පැල්පත් වල සිටින පවුල් වල පිරිමි මත්පැන් කටගාගෙන පැමිණ තම බිරින්දෑවරුන් සමග කෝලහාල කරති. ඇතැම් විට ශබ්දය අපටත් ඇසේ. මත් විකාරෙන් තමන් ලෙයින් උපන් දුවා දරුවන් කෙළසා දූෂණය කර ඇතැම් විට ඔවුන්ට දාව දරුවන්ද ලැබෙන්න ගැබ්බර කරන පියවරුන් නිසා අනාථ වූ දරුවන් අපට මුණ ගැසේ... මම නොයෙක් විට ලියා තැබුවා ඔබට මතක ඇති.

1.ඇස් හිස් මොළ නැති පිසාචයන් මැද...හි අවුරුදු 14ක ගැබ්බර දියණිය තම පියාට දාව දරුවක ප්‍රසූත කල පුවත(ඇස් හිස් මොළ නැති පිසාචයන් මැද) , එමෙන්ම අවුරුදු 13 වූ ගෙදරට අවශ්‍ය දෑ ගෙන ඒමට කඩයට ගිය ටිකට කඩේ සිටි පිරිස විසින් සමූහ ලිංගික දූෂණයට ලක්වූ දියණියක් බොහෝ අමාරුවෙන් දරුවකු ප්‍රසූත  කළ අයුරු ඔබට මා ලියුවා මතක ඇති.

2.තම සැමියාගෙන් වූ අඩම් තෙට්ටම් විඳ දරාගත නොහැකිව වස විස බී දිවි නහගන්න පැමිණි ගැහැණුන් ගැන මා ලියුවා ඔබට මතක ඇති (දිවිමංසල මුණ ගැසුනු ජීවිත ) (accepting tolerating and forgiving) .

3.අනිත්කොණ තනිවුන ළමා මව්වරුන් ගැන ලියුවා ඔබට මතකද ? (unwanted teenage pregnancies )

4.තම බාල වයස්කාර අක්කාගේ පෙම්වතා විසින් අක්කා සහ නංගී දෙදෙනාම අපයෝජනය කල හැටි (the change is in you) ලියුවා මතකද ?

සිදුවීම් එතැනින් නැවතුනිද් ? නැත.... තවමත් දිනකට වරක් හෝ දෙවරක් එවැනි සිදුවීමක් ඇස කණ ගැටේ.

5.තම සැමියා විසින් පුළුස්සන ලද ගැහැණුන්, අත් හරින ලද නොසලකා හරින ලද, ගැබ්බර, දරුවන් රැකගෙන තනිවම ජීවන සටනේ යෙදෙන ගැහැණුන් ගැන ලියුවා ඔබට මතකද  ? ( ආපසු හැරෙන්නට නොහැකිය. ...gender based violence ! )

6.කුඩා පාසැල් දැරිවියන් යන එන් ලොජ් එකකට විරුද්ධව ක්‍රියාකරන්න ගොස් "මැරුම් කන්නේ නැතුව තමන්ගේ රාජකාරිය පමණක් කරන්න "යැයි ඉහළ වෛද්‍යවරයෙක්ගෙන් බැනුම් ඇසුවා මා ලියූ අයුරු ඔබට මතක ඇති. ( විහින් මැරෙන්නේ නැතුව...)

7. ෆේස් බුක් හමුවේ හැමදාම ඇහෙන කතා යන මැයෙන් ඉන්දියාවේ බස් සිද්ධිය ගැන සහ අපේ රටේ තත්වය ගැන ලියුවා ඔබට මතක ඇති...

මේ අවුරුදු 6 කට කලින් ලීව ලිපි ය. ඉන්දියාවේ මෙන්ම ලංකාවේද මේ ලෝකේ හැම තැනම ද මේ දේවල් අඩු නැතුව සිදුවේ. ඉන්පසු රැස තීරු ලිපි මාලාවක්ම ලීවෙමි. 

ආගමට මුවාවී කුඩා ගැහැණු දරුවන් විවාහ කරගන්නා අතර එම දැරිවියන් පළමු රැයේදීම මිය යන බව ඔබ අසා ඇති. එහෙත් ඒ ගැන ලෝකයා මොකුත් නොකරන්නේ ඇයි දැයි මම කම්පා වෙමි. 

වැඩිය ඕනේ නෑ මේ රටේම නොමැරී රෝහල්වලට විත් දිවි බේරාගන්නා දැරිවියන් ගැහැණුන් ප්‍රමාණය කොතෙකුත්දැයි සොයා බලන්න. 

නොමැරී දිවි බේරාගන්නා ඔවුන් ඉන්පසු ඒ කැළල සහ ඒ බිහිසුණුදෑ සිහිපත් කරමින්, තමන් විනාශයට පත් කළ අධමයාගේ දරුවෙක් පවා ඇතැම්විට කුස දරමින් ජීවත් වෙන්නට සිදුවන සමාජයක... "අපෝ අපි හොඳයි ඒක කර්මය"කියමින් ඇය ඒ දුක විඳ දරාගන්නා හැටි ගැන අප්‍රාණිකවන සමාජයක ඇය ගැන කතා කරන්නට මිය යන්නම වුවමනා ද ? එවන් කළල සහ කැළැල් දරාගන්නා ගැහැණුන් සහ දැරිවියන් මගේ හිතේ සදා අමරණීය තැනක සිටින්නෝය. ඔවුනට සාධාරණයක් ඉටු කරන්නට ගබ්සා නීති සංශෝධනය ගැන කතා කළා ඔබට මතක ද ?

මිය ගිය විට පමණක් මාධ්‍ය ඔස්සේ ලොකු කලබගෑනියක් පෙන්වන නමුදු නොමැරී එහෙත් මැරි මැරී ජීවත් වන ඔවුන් ගැන කතා කරන්නේ කවදා ද ?

ගංවතුර කතා

$
0
0
Dont let ur kids play in water... its not only river water... this is from last year....
වෝඩ් රවුන්ඩ් එකේ ඇසෙන්නේ මෙවැනි කතාය. 
"නියම වතුර ටික නේ ? පීනුවද ? කොච්චර වතුර තිබ්බද "

 "පීනුවේ නෑ ඇන්ටි ඉන ගාවට තිබුනේ.. " 

"අපෝ එහෙනම් ඕක්කොම පණුවෝ විශබීජ කකුල් වලින් ඇඟට ඇතුල් වෙලා ඇති ඒක තමා මේ වමනේ යන්නේ බඩ යන්නේ" (මම)

"අයියෝ ආයෙනම් බහින්නේ නෑ " 

"වැඩක් නෑ ඉතින් නියපොතු කනවනම් කොහොමත් ඔය ඉතිරි කුණු ජරාව බඩට යනවනේ" 

"අම්මෝ ආයෙ නියපොතු කන්නෙත් නෑ"දරුවන් බිය වැද්දීම කලාවක් ! 

වමනය , බඩ එළියේ යෑම හිස ඔසවමින් සිටි... පැංචන් රොත්තකි...කටු දැමීම, සේලයින් දීම, නිසා නර්ස් ඇන්ටිලා නරක ම අය වී ඇත.. (අපි ඒවා ඕඩර් කරන බව කියා නරක මිනිස්සු වෙන්නේ නැත. එහෙම කළොත් ආයේ ලෙඩ බලලා හමාර ය. කන්න බොන්න හෙමින් දෙන්න යැයි පැය 6ක් පමණ සේලයින් දුන් පසු කීවෙමි... මා මේ බව මීට දින කිහිපයකට කලින් කීවා මතකය. එවිට තත්වය මේ තරම් දරුණු නැත...ටැප් වතුර උණු කළාට මදි ය. පෙරා ගත යුතුය. ෆිල්ටර් කොහේ ද මේ ආපු වතුර පාරට ? ගංවතුරට අසුවී ඇති නිවෙස් වල බඩු මුට්ටු කිසිවක් පාවිච්චි කරන්න පුළුවන් ආකාරයෙන් නොවන බව ඕනෑම ප්‍රකෘති මනසක් ඇත්තෙකුට වැටහේ... අපි සෞඛ්‍ය පුරුදු ගැන දෙන දේශනා නිසා  වික්ෂිප්ත වූ හිස් බැල්මෙන් සිටිනා දෙමාපියන්ගෙන් සමාව ඉල්ලා ගනිමි. අඩු තරමේ දරුවන්ට දෙන පානීය ජලය පිරිසිඳු බෝතල් වතුර හෝ නටවා දෙන්න යැයි කියමි. 

"පෙරේදා ටිකට් කපලා යද්දි ගෙයි වහලෙටම වතුර, ආයෙ හැරිලා ගියේ බෝමිරිය ඉස්කෝලෙට... බබාට ආයෙම බඩ යනවා"

එන අය ළඟ ඇඳුම් මොකුත් නෑ...හැබැයි හොඳ වෙලාවට අපේ වාට්ටුවේ (ඩොක්ටර්ස්ලා)  බබාලගේ පොඩි වෙන ඇඳුම් බෑග් පිටින් ගෙනත් තියෙනවා. හෙට මම ඩියුටි එනකොට ආයෙම ගේනවා..... අද ක්ලිනික් ආපු සේරටම කීවා පොත් පරිස්සම් කරගන්න කියලා. වතුරේ සර්පයෙක් කාලා දුවෙක් ආවා...ප්‍රවේසම් වීම වටිනවා.
 ගඟ දිගින් දිගටම උගන්වන පාඩම මොකක්ද කියලා තේරුම් ගන්න වෙනවා...

මහත් නොවී ඉන්න බේත්

$
0
0
 “මැඩොම්දුව ආවා අද ලේ පරීස්සන ටික කරගන්න” මේසය අසලට පැමිණි ඇය පවසන්නීය.

මම වහා නැගිට කොරිඩෝවේ කොනේම පුටුවේ සිටින ඇය වෙතට ගොස් සුව දුක් විමසා පැමිණෙමි. හිස කෙස් ගැලවී ගිය ඒ තට්ටය සහිත හිස සලුවකින් වසාගෙන බොහෝ කෘෂව සිටි ඇය සමග වදනක් කතා බහ කර ඇගේ ජීවිතය පහසු කරගැනීමට මොණර කොළ කිහිපයක් අත තබමි. ඇගේ නැන්දම්මා රෝහලේ කැළි කසල සුද්ධ පවිත්‍රකරන ඒජන්සියේ වැඩ කරන්නී ඇගේ දරුවන්ද රැක බලාගනීය.

පිළිකාව බොහෝ සෙයින් අද සමාජය වසා පැතිරෙමින් ජීවිත බොහෝමයක් විනාශකරමින් ලෝකයේ අංක එකේ මරුවා වී ඇත්තේ ඉක්මනින් පැතිර යන වසංගත රෝගයක් මෙනි. ශරීරයේ ඕනෑම තැනක අසාමාන්‍ය ලෙස සිදුවන සෛල වර්ධනයක් පිළිකාවක් ලෙස හැදින්විය හැක. අපේ රටේ බොහෝ දුරට අප දකින්නේ මුල් අවධියේදීම හඳුනාගෙන ප්‍රතිකාර කරානම් ජීවිතයට අවධානමක් නොමැතිව පිළිකා තත්ත්වය පාලනය කළ හැකිව තිබූ බව ය. බොහෝ පිරිසක් තමන්ගේ සිරුර තුළින් පිටට පෙනෙන්නට වර්ධනය වන ගැටිතිතුවාළ හෝ ගෙඩි පිළිබඳව හෝ අවදානයක් යොමු නොකරන්නෝය.

අද ලෝකයේ පිළිකා අවදානම සහ ආහාර රටාව අතර ඇති සබඳතාවය බොහෝ සෙයින් පෙන්වාදෙන අතර අපේ රටේ වැසියන් මේ ගැන දක්වන්නේ බොහෝ ඇල්මැරුණු ස්වභාවයකි.

රතු මස් සහ පිරිපහදු කළ ධාන්‍ය අධික ලෙස පරිභෝජනයද පිළිකා අවදානම වැඩි කරන බව පර් යේෂණ වලදී අනාවරණය විය. බටහිර ආහාර වේලක් (western diet) පිළිකා පර්යේෂකයන්ගේ නව අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ සැකසූ රතු මස්පිරිපහදු කළ ධාන්‍ය වර්ග සහ සීනි අධික බීම සහ අධික සැර (spicy) ආහාර වේල්මහා බඩවැලේ පිළිකා ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස වැඩි කරන බවය. එමෙන්ම ශරීරයේ ඇතිවන ප්‍රදාහය (inflammation) තත්ත්වයන් පිළිකා අවදානමට සෘජුවම බලපාන බවද අද පිළිගන්නා පර් යේෂණ වලින් ඔප්පු කර ඇත. ශරීරය තුළ ප්‍රදාහය පාලනය කර ගැනීම සඳහා පරිපූර්ණ ලෙස මධ්‍යධරණී ආහාර වේලකට හෙවත් ධාන්‍ය වර්ගමේදය අවම ප්‍රෝටීන් වර්ග, මාළුපලතුරු හා එළවළු විශාල ප්‍රමාණයක් අඩංගු ආහාර වේලකට යොමු විය යුතු බව විශේෂඥයින් පෙන්වා දේ.

පසුගිය අවුරුද්දේ ජර්මනියේ බොන් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය අයිකා ලාට්ස් විසින් කළ දේශන සැසියකට සහභාගි වීමට හැකි වුණෙන් අද ලෝකයේ සිදුවන නවීනතම පර් යේශන ගැන හැදෑරීමට හැකි විය.

දන්නවාද අනාගතේ කොච්චර කෑවත් මහත් නොවී ඉන්න පුළුවන් !”

 ඔහු එහිදී අප හා පැවසුවේ කිසි දාක මහත් නොවී සිටීමට හැකියාව සැලසෙන ජාන වෙනස් කිරීමේ පර් යේෂන දැනටමත් සාර්ථක ලෙස සිදුවෙමින් පවතින බවය. එහෙත් ඔහුගේ කණ්ඩායමේ විද්‍යාඥයින් පිරිසක් ඒ වෙනුවෙන් වැඩ කරන අතරේ තව පිරිසක් යොමු වුණේ ප්‍රජා සෞඛ්‍ය අංශය සමග එකතුවී රටේ ජීවනාලිය වන දරුවන් වෙත මේ පණිවිඩය ගෙන යෑමටය. එනම් “බටහිර ආහාර ක්‍රමයෙන් මිදීම තුළින් අධික ස්ථුලතාවය ආසාදනප්‍රදාහ සහ පිළිකා යන මේවායෙන් වැලකීමට හැක” යන පණිවිඩය රටේ ඉදිරි පරම්පරාව වෙත දැඩිව කාවැද්දීම පිණිස ඔවුන් පාසැලෙන් පාසැලට යමින්රට පුරා දරුවන් දෙමාපියන් ගුරුවරුන් දැනුවත් කරන බව ඔහු පැවසුවේය.

මා අප රටේ දරුවන්  දෙස මදකට හැරෙමි. “කොහොමද ඩොක්ටර් බර අඩු කරගන්නේ” ළමා වාට්ටුවේදී හමුවූ, බර කිලෝ 80ක් වූ එක් දැරිවියකගේ වයස අවුරුදු 12 කි. එවැනි දරුවන් බොහෝ දෙනෙක් මට හමුවේ.

රෑට තාත්තාට කියලාකොත්තු රොටී ෆ්‍රයිඩ් රයිස් ගෙන්නා ගන්නවා.හවසට චූං පාං ත්‍රීවිල් එක එනකම් බලං ඉන්නවා” මේ ඒ අම්මලා මට නොයෙක් අයුරින් කියන කතාවල සම්පින්ඩනයයි.

ටියුෂන් හැමදාමඒවයෙන් ඉඳගෙන ඉඳලා ඉඳලා එන්නේ මහ රෑට. ඉතින් ඇවිදින්න දුවන්න කාලයක් කෝ” දාහත් හැවිරිදි වියේදීම මේද අධික වීම සහ අක්මාව ඉදිමීම යන තත්ත්වයන්ට මුහුණ දෙන දුවා දරුවන් මට කොතෙක් හමුවේ.

චූං පාං රථ හංදියේ වඩේ පැටිස් කට්ලට් කඩ දකිද්දී මට සිතෙන්නේ අප රටේ ප්‍රජා සෞඛ්‍ය ගැන අප කොයි තරම් අවම සැලකිල්ලක් යොදන්නේද කියලාය. එළවළු පළතුරු පළා වර්ග බහුල අප රටට කොයි තරම් ආහාර විවිධත්වයක් තියෙනවා දැයි මට සිතේ.

බටහිර රටවල ඇත්තෝ අපේ රටේ පැරණි ආහාර රටාව ගැන ප්‍රශංසා කරන කළ අද මුළු මහත් සමාජයම බටහිර ආහාර රටාවකට හුරුවීක්ෂණික නූඩල්ස්ක්ෂණික පිටි කෑම ගිලිති. බර්ගර්බැදපු අලපෙතිමාස ගණන් පරණ මස් වෙනුවට නැවුම් කොළ එළවලු පලා වර්ග වලින් විවිධ අමුතු කෑම හදා දරුවන් පුදුම කරවමුමගේ මව එළවළු මාළු කේක් යැයි හඳුන්වමින්, විවිද එළවලු වර්ග තම්බා කේක් තැටියක් තට්ටු තට්ටු පුරවා කේක් ආකාරයෙන් එළවළු සහ මාළු කැවූ හැටි මතක් විය.

රටේ දරු පරපුර වැරදි ආහාර රටාවකට හුරු වෙමින් සිටින බව දැක දැක නිහඬව සිටිය නොහැකි නිසා ලියමි. ධාන්‍ය, එළවලු පළාවර්ග කන්න යැයි බල කරන්නේ නැතුව එය අපේ එදිනෙදා කෑම වේලට අනුගත කරගමු. බටහිර ආහාර වර්ග යනු සුඛෝපභෝගී ආහාරය යන මතය බැහැර කරලමු. එය පිළිකාවේ මුල ය !

 සායනික සටහන් නොවේ පුවත් පත් තීරුවෙන්...

මේ කතාව පොතේ නැත එහෙත් පොතේ ඊට කලින් පලවූ සමාජීය සෞඛ්‍ය කරුණු රැගත් කතන්දර 60 ක් ඇත.

"ග්‍රන්ථ"පොත් ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශනය කරන ලදී.



ඒ කියන්නේ ඔබේ හදවත !

$
0
0
අටෝරාසියක් නරක මැද හොඳ වෙන්‍ට අපට ඉගැන්වූ සිබිල් නැන්දා නික්ම ගොසිනි. 

ඩිජිටල් තිර නොමැති, රූපවාහිනී නොමැති කාල ගෙවමින් සිටි අපට සිබිල් නැන්දාගේ පොත් ලෝකයක් මවා දුන්නා. උඩ ගිය බබා මගේ හිතේ බොහෝම ලොකුවට තැන්පත් වුණේ බත් කන්න හොර එකියක් වූ මටම ඒ පොත අම්මා කියා දුන් නිසාය. බත් නොකෑවොත් හුළඟේ ගසාගෙන යාවි යැයි බියක් මට දැනුදු මතක, යම් කාලයක් හුළඟ හමද්දී බංකුව වැරෙන් අල්ලා සිටි හැටි මතක් වෙන නිසා.

අඳින නඟාගේ චිත්‍ර දුටු අනුරාද අයියා ඔහුගේ මව සමඟ කලා භවනට යවන්නේ චිත්‍රකර්මය ඔපමට්ටම් කරගැනීමට ය. එහෙත් නිතර සිදුවෙන්නේ ඇඳිය යුත්ත ඉක්මනින් ඉවර කර සිබිල් නැන්දා සිටින අතක කොරිඩෝවේ පඩිපේලියක ඉඳගෙන ඇය වට කරන් ඉන්නා පොඩ්ඩොන්ට මෙපිටින් ඇගේ කතා අසන ගමන් ඇගේ හුරුවට චිත්‍ර ඇඳීම ය.

ජීවිතේ තෝරාගැනීම් නිසා චිත්‍ර කර්මය එහායින් තැබුවා මිසක ඇය නිසා පාට එකතුවූ මගේ ලෝකයේ ඇය අදටත් වීරවරියකි. වීරයෝ යනු මේ ලෝකේ මිනිස්සුන්ට ජීවිතේ පහසු කරන මිනිස්සුන්ට ! ලෝකෙට හොඳ ගෙනෙන මිනිස්සුන්ට. ළමයින්ට ඔබ කොයි තරම් හොඳ ගෙන ආවා ද ? ඉතින් ඔබ මගේ වීරවරියක් !

මට හැඟෙන්නේ මා මෙන්ම බොහෝ වැඩිහිටි යහළුවන්ගේ පරිකල්පන ශක්තිය වැඩි දියූණු වෙන්නට මෙන්ම මනුස්සකම සාරවත් වෙන්නට ඇයගේ පොත් උදව් කළ බව ය.

කොයි තරම් නිහතමානී නිරහංකාර , සොඳුරු වැඩිහිටියෙක්ද ඔබ ! ඒ ළෙංගතු හිනාව කතාව අදටත් මතකයේ තිබේ.
ඔබට සුබ ගමන් සිබිල් නැන්දා !
අපිව වෙනස්ම මිනිස්සු කළේ පොත පත... ඒ අතරින් මුල්ම පොත් ඔබේ පොත්! ඒ කියන්නේ ඔබේ හදවත !


ප්‍රාඩ විලී

$
0
0
සුදු කෝට් එකත් දමාගෙන නළාවත් බෙල්ල වටේ දමාගෙන බොහොම ආසාවෙන් සායනික අධ්‍යාපනය පටන් ගත්ත තුන්වෙනි අවුරුද්ද මට කිසිදිනෙක අමතක නොවේ. බොහෝ රෝගාබාද ගැන ඒ වෙද්දිත් පොත පතෙන් කියවා ඇතැම්විට ඒවායේ මූලබීජ හේතුසාධක සහිතව හඳුනාගත් නමුත් අපි වෛද්‍යවරු කරන වැඩ කරමින් සැබැවින්ම වෛද්‍ය අධ්‍යාපනයට පිවිසුනා වගේ දැනෙන්න ගන්නේ ඔය කාලයේ. බොහෝ විට සති කිහිපයක් පුරා එක එක වාට්ටු සහ අංශවල මහාචාර්ය ඒකකවල අධ්‍යාපනය ලබන්නට සිදුවුන ඒ කාලය දැඩි වෙහෙසකර වූයේ ඇතැම් දිනවල සවස්වරුවේ අප දේශන සඳහාද සහභාගි විය යුතු නිසා.
මා මේ කියන කාලයේ ළමා රෝහලේ මහාචාර්ය ඒකකය වෙත ගිය අප සියල්ලම රැස් කර ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍යවරිය විසින් අපව, දෙතුන්දෙනාගේ කණ්ඩායම් සාදා රෝගී දරුවන්ගේ ඇඳ අංක බෙදා දුන්නාය.

ඒ අප ලද ඇඳ අංකය සොයාගෙන ගිය මට දකින්න ලැබුනේ ජනේලෙන් එපිට පෙනෙන කුඩා උද්‍යානය දෙස බලාගෙන සිටිනා ස්ථුල දැරියකි. අසල කවුරුත් නොරැඳීමට හේතුව ලෙස අනාථ ළමා නිවාසයක සිටින දැරියක බව හෙදිය අප හා කීවාය. 

"ලේසි නෑ කතා කරන්න නම් ඒත් ට්‍රයි කරලා බලන්න"කියමින් ඇයගේ සායනික සටහන් ගොනුව අප අසලින් රැගෙන ගියාය. 

අප දුටු සැනින් සිනහ වූ ඇයට අප හා කතා කරන්නට හැකි දැයි ඇසූ විට කතා කරන්න අපහසු බව කට පෙන්වමින් අභිනයෙන් පැවසූ ඇය මා අත තිබූ පෑන සහ කඩදාසි ගොනුව ඉල්ලා "ලියා දෙන්න දැ"යි අභිනයෙන් ඇසුවාය. බොහොම කැමැත්තෙන් ඇයට පොත දුන් අප දෙදෙන ඇගෙන් ප්‍රශ්න අහන්නට ගත් අතර සෑම ප්‍රශ්නයකටම පසු ඇය අපට අතින් සංඥා කර කොලයේ යමක් බොහොම වැර වීර් යයෙන් සටහන් කරන්නීය. නමුත් ඇය අප ඉදිරියේ හිඳගෙන ඉන්නා හැටියට ඇය ලියන්නේ කුමක්දැයි අපට නොපෙනේ.
ඔය ආකාරයෙන් අපට අසන්නට වුවමනා ප්‍රශ්න ඇසුවාට පසු ඇය ලියූ කොළය අපට දුන් අතර එහි වූයේ විවිධ හැඩයක් ගත් ඉංග්‍රිසි ආර් අකුරු පේළිගොඩකි. පිටුව පිරෙන්න ඇය ආර් R අකුරු ලියා තිබුණි. 
අප දෙස බලා පියකරු සිනහවක් පෑ දැරිය මේ බලා ඉන්නේ අප කියන්නේ කුමක්ද කියාය.

"හරිම ලස්සනයි "හැඬුම් අතරෙන් කියූ මා වාට්ටුවෙන් පිටට දිව ගියේ හැඬුම් නතර නොවුන නිසා ය. අවුරුදු දහ හතරක් පමණ වන ඇය බුද්ධි හීන දැරියකි. ඇගේම ලෝකයක් තනාගෙන ජීවත් වෙන සිනාමුසුව සිටින මේ දැරියගැන දැනෙද්දි මා එළියේ පඩිපෙළමුල හිඳගෙන ගලායන කඳුළට ඉඩ හැරියාය. 

ඇයගේ ජෛව ලක්ෂන අනුව සින්ඩ්‍රෝම රෝගයක ලක්ෂන මතක් වේ. අප ඉගෙන ගනිමින් සිටියේ එවන් මිනිස් ජාන සැකැස්මේ අඩු පාඩු කම් නිසා ඇතිවන ජානමය ආබාධ ගැන ය. 
"ඇය ජීවිත කාලය මුලුල්ලේම මෙහෙමයි, අපි මොකද කරන්නේ ?"ඉතා ප්‍රියමනාප මුහුණක් සහිත මේ දැරිය දෙස බලාගෙන මම ද යෙහෙළියද විටින් විට ඒ ප්‍රශ්නය අසා ගත්තෙමු. 

Prader-Willi සහලක්ෂණය යනු ශරීරයේ බොහෝ ඉන්ද්‍රිය අවයවවලට බලපාන සංකීර්ණ ජානමය තත්වයකි. 15 වෙනි ක්‍රෝමසෝමයේ ඇතිවන ජාන අඩුවීමක් හෝ නොපිහිටීමක් නිසා ඇතිවන මෙම තත්වය ඉතා කළාතුරකින් ඇති වෙන්නකි. මෙම ක්‍රෝමසෝම 15 ජාන නොපිහිටීම මොළයේ හයිපොතැලමස් යන කොටසේ සැකැස්මට බලපාන බව සොයාගෙන ඇත. එහෙත් මේ තත්ත්වය ඇතිවීමට හේතුව තවම සොයාගෙන නැත. එය ප්‍රවේනිගතව උරුමවන රෝගී තත්ත්වයක් නොවන බවද පැවසේ.

ළදරු අවධියේදී, මෙම තත්වය දුර්වල මාංශ පේශි, දුර්වල බුද්ධි වර්ධනය සහ කායික වර්ධනය මගින් සංලක්ෂිත වේ. ළමා කාලයේ සිටම,මේ දරුවන්ට අධික ආහාර රුචියක් ඇති අතර, එය අධික ලෙස ආහාර ගැනීමට සහ තරබාරුකමට හේතු වේ. ප්‍රාඩර්-විලි සින්ඩ්‍රෝමය ඇති සමහර පුද්ගලයින්ට, විශේෂයෙන් තරබාරුකම ඇති අයට දියවැඩියාව ඇතිවේ. (දියවැඩියාවේ 2 වර්ගය - වඩාත් සුලභ ආකාරය වේ) අධි රුධිර පීඩනය අක්මාව සම්බන්ද රෝගාබාද සහ පිත්තාශයේ ගල් ඇතිවීම වැනි තත්ත්වයන්ට ද ගොදුරු විය හැක.

ප්‍රාඩ-විලි සින්ඩ්‍රෝමය ඇති පුද්ගලයින්ට බුද්ධිමය දුර්වලතා සහ ඉගෙනීමේ දුර්වලතා ඇතිවේ. චර්යාත්මක ගැටළු බහුලව දක්නට ලැබේ. පාලනය කළ නොහැකි කෝපය, මුරණ්ඩුකම මොවුන් තුළින් දක්නට ලැබේ. මෙම තත්වයේ අතිරේක ලක්ෂණ අතර පටු නළල, ආමන්ඩ් හැඩැති ඇස් සහ ත්‍රිකෝණාකාර මුඛය වැනි සුවිශේෂී මුහුණේ ලක්ෂණ ඇතුළත් වේ; කෙටි උස; සහ කුඩා අත් සහ පාද. Prader-Willi සින්ඩ්‍රෝමය ඇති සමහර පුද්ගලයින්ට අසාමාන්‍ය ලෙස පැහැපත් සමක් සහ ලා පැහැති හිසකෙස් පිහිටිය හැක. බලපෑමට ලක් වූ පිරිමින් සහ බලපෑමට ලක් වූ කාන්තාවන් හට ප්‍රජනනය සම්බන්ද ගැටළු ඇත. ඒ නොවැඩුණු ලිංගික ඉන්ද්‍රිය පිහිටීම නිසාය. වැඩිවිය පැමිණීම ප්‍රමාද වී හෝ අසම්පූර්ණ වන අතර බොහෝ බලපෑමට ලක්වූ පුද්ගලයන්ට දරුවන් ලැබීමට නොහැකි වේ (නිසරු).

විශේෂ අධ්‍යාපනික ක්‍රම මගින් ඔවුන් හට සමාජයේ ජීවත්වීම සඳහා උපකාර කළ හැක. එහෙත් එය අද සමාජයේ සිදුවෙනවාද යන්න සැක සහිතය. ඇයගේ මව්පියන් ඇය ළමා නිවාසයක අත හැර දමා සිටියහ. මෙවන් දරුවන්ට හිතකර පහසු සුරක්ෂිත පරිසරයක් එවන් නිවාසවල බොහෝවිට දකින්නට නැත්තේය. ඇය රැක බලා ගන්නට වෙනම කෙනෙක් නොමැත.  එදා වෛද්‍ය ශිෂ්‍ය අවධියේ මෙවන් සිදුවීම් හමුවේ අතිශය සංවේදී වූ අතර දුක දරාගන්නට නොහැකිව හඬා වැටෙන අපේ කඳුළු පිටතට නොපෙන්වා සිටින්නට කාලයක් ගත වෙද්දී හැකි විය.

වෛද්‍ය බෝධිනී සමරතුංග
සායනික සටහන් නොවේ
රැස පුවත්පතේ පලවුණි.

කලන්තේ දැමීම්

$
0
0
අද මා සේවය කරන සෞඛ්‍යායතනයේදී පුහුණුවට පැමිණි හෙදියන් හෙද සොයුරන් පිරිසක් දකින්නට ලැබුනා.
ඔවුන් අතරින් පැමිණි කෙනෙක් ඇසුවේ "ඩොක්ටර් උතුරේ අහවල් රෝහලේ වැඩකළා නේද ?"කියා ය.
මට එවිටම ඔහුව මතකයට ආවේ එහි හමුවූ හෙද සොයුරෙක් ලෙසය එහෙත්  ඔහු වැඩ කළ ඒකකය මතකයට ආවේම නැත.
"තියටර් එකේ මතකද ඩොක්ටර්"ඔහු ඇසූවිට මටටක්කෙටම මතක් විය.
"ඔව්නේහැබැයි මම ඊටපසු අවුරුද්දේ මාරුව ලැබ කොළඹ ආවා"මම කීවෙමි.
මෙච්චර මේ මූඛ නහය ආවරණය කර ගනිමින් මාස්ක් දමා සිටියද අවුරුදු 8 කට පසුව වුවද ඔහු මා හඳුනාගත් හැටි පුදුමය.
අප වැඩකරන ඕනෑම තැනක සෑම අංශයකම අය හා සුහදව කටයුතු කිරීමද ඔවුන් සැම තරාතිරම් ලෙස නොව මිනිසුන් ලෙස සැලකීමද මා උගත් දහමය. ඒ සමග සහෝදරත්වයෙන් වැඩ කළ නිසා ඔවුන් සැම , ගෙවල්වලින් බොහෝ දුර බැහැර වැඩ කළ අප වෙත දයාබර වූවෝය.

ඇත්තටම ඔහුව මතකයට නැඟීමත් සමග එහි සිදුවූ සිදුවීමද මතක් වුණි.  පත්වීම ලැබ තියටර් එක හෙවත් සැත්කම් කරන ශල්‍යාගාරයේ පුහුණුවට ආ ඔවුන් කිහිප දෙනෙක් අප සැත්කම් කරනු බලා සිටින්නට විය. පළමු දවසෙම ඔහු කලන්තය හැදී වැටුනේ අප සැම පුදුම කරමිනි. මන්ද ඔහු වැටෙනකම් අප දුටුවේ නැත.
එදා සියල්ලන්ටම ඔහුව බයිට් එක විය.


ඉන්පසු එළඹි දිනක වාට්ටුව බලන් හිටි මා වෙත ආ දුරකථන ඇමතුමකි. "ඩොක්ටර් ආර් කලන්තේ දැම්මා ඉක්මනින් තියටර් එකට එන්න"
කලන්තේ දමා සිටියේ සුමිතුරු වෛද්‍යවරයාය.
නිතරම විහිළුවෙන් ඉන්නා මේ සගයා, ප්‍රසව හා නාරිවේද ඒකකයේ ඉන්න බහුතරයක් දෙනා හෙදියන් සුළු සේවිකාවන් සහ වෛද්‍යවරියන් දෙදෙනා සහ රෝගීන් සියල්ල ස්ත්‍රීන් නිසා... මේක නම් ඉතින් පිටරට විකාශය වන විහිළු නාට්‍ය සීරීස් එකක් වැනි ජීවිතයක් බව කියමින් සිටියේය.
දැන් ඔහු කලන්තේ දමා ඇත.
 ඉතින් එදා සිට මම ඇතුළු හෙදියන් අප සියල්ලන් බොහෝදිනක් යනකම් ඔහුට විහිළු කළේ "වැඩක් නෑ ඉතින් ඔහොම කලන්තේ දමනවානම්"කියාය. ඒවෙනකොට ශල්‍යාගාරය සහ සැත්කම් අපට ඒ තරම් හුරු පුරුදුය.
"අධි ආලෝක අර තියටර් ලයිට් එක ඔළුව මුදුනේ තියන් අලුත් සර් ට ඇසිස්ට් කරලා බලන්න"ඔළුව නම් රත් වුණා නොසෑහෙන්න"
කියමින් ඔහු නිදහසට කාරණා කීවේය.
ඉන් පසු එවැනි කාලයවැයවන සැත්කම් සඳහා අත්  උදව් දීම භාර වුනේ මට ය. එහෙව් එක් දිනක තියටර් එකේ ලයිට් එක (අධි ආලෝකමත්) ඔළුව උඩින් ම විහිදෙන සැත්කම් දිනයක මට ද සිදුවුනේ ඇස් නිලංකාර වේගෙන යද්දී අසල සිටි හෙදියට යන්තම් කියා ගැනීමය.
"මිස් මට කලන්තේ වගේ"
මිස් පැමිණ මා පසු පසින් සිට ගත්තේ හරි යාවිද බලන්නය.. හරි යන පාටක් නැත.
"තව පොඩ්ඩයි මේ ටික මට කරගන්න පුළුවන්"සර් කීවෙන් මා විගහින් ශල්‍යාගාරයේ පොළොවේම හිඳ ගත්තෙමි. ඔළුව පහත් කර ගත්තෙමි මදක් හරි යාගෙන එද්දී නැගිට එළියේ හාන්සි පුටුවට ගියෙන්, සීනි සංතෘප්ත ඩෙක්ස්ට්‍රෝස් ද්‍රාවණයක්ද ටිකකින් උණු උණු කිරි තේකක්ද ලැබුනෙන් යතා තත්ත්වයට පත් වීමි.
"දිට්ඨ දම්ම වේදනීය කර්ම"වෛද්‍ය ආර් ට හිනා වූ මට ආර් පැවසුවේය. දොස්තරලා දෙන්නෙක්ම කලන්තේ දැමූ හෙයින් හේතු සෙව්වෙමු. අලුත් සර් ලයිට් මදි කියද්දී තියටර් එකේ අතිරේකව ඇති බල්බ් එකක් සහිත ලාම්පුවක් ගෙන අත් උදව් දෙන අනෙක් වෛද්‍යවරයා සිටින පැත්තෙන් අපට කෙළින් අටවන හෙයින් මේ අලකලංචිය සිදුවන බව එක හේතුවක් විය.
"තියටර් එකේ  ඒ ලයිට් එක සැර වැඩී තමා. VH &R එකට ඇසිස්ට් කරද්දී කෙලින්ම ඔළුව උඩ. ඒක තමා ප්‍රශ්නේ"  වෛද්‍යවරු දෙන්නෙක් කලන්තේ දැමීමට හේතුව එසේ තීන්දු විය.

උතුරු කොන සේවය කළ කාලයේ රස කතා


බුදුන් වඳින්නේ ප්‍රශ්න තියෙන අයද ?

$
0
0
ගේට්ටුවෙන් ඔබ්බෙහි ඇත්තේ A 9 ප්‍රධාන පාරයි. පාන්දර 3 පමණ ය. ඉන් මෙහා ඇති බුදු මැදුර අභියසදී පියවර වේගය, අඩු කළ මා බුදු මැදුරේ වළාකුළු බැම්මේ මුදුන අතින් අල්ලාගෙන නැවතුනේ වට පිට බලන ගමන්. මා මෙහි ආවේ වාට්ටුවේ හදිසි තත්ත්වයක් පාලනය කර අහවරව ය. 

මධ්‍යම රාත්‍රී දොළහ පසුවෙද්දීම රාත්‍රී වැඩමුරය භාරව සිටින වෛද්‍යවරිය වන මා වෙත දුරකථන ඇමතුමක් ලැබුනේ පැයක පමණ වූ කෙටි නින්ද හමාර කරමිනි. රාත්‍රී සේවයේ නියුතු වෛද්‍යවරයා සිටිය යුත්තේ වාට්ටුවේ වෛද්‍ය විවේක කාමරයේ ය. එහෙත් එම වාට්ටුවට වෛද්‍ය විවේක කාමරයක් නොතිබිණි. මේ වාට්ටු සංකීර්ණයම හදිසියේ හැදූ ඒවා වන නිසා ඔහොම කාමර හදන්න මතක් නොවෙන්නත් ඇති. එනිසා විටින් විට වෛද්‍ය නේවාසිකාගාරයේ සිට පෙනෙන දුරකින් පිහිටි වාට්ටුව වෙත අපට දුවන්නට සිදුවුනේ දිනක් හැර දිනක් පාසා යෙදෙන රාත්‍රී වැඩමුරය සහිත දිනවල ය. 

"ඩොක්ටර්, ඇඩ්මිශන් එකක් හදිසිම එකක් නෙමේ"හෙදිය දුරකථනය ඔස්සේ පවසයි. 

“ හරි මිස් මම එන්නම්” මම විදුලි පන්දම රැගෙන නේවාසිකාගාරයේ කාමරයේ සිටි අනෙක් වෛද්‍යවරිය සුවසේ නිදනු බල බලා, ශබ්ද නොනැගෙන සේ දොරවසා අගුළු දමා නික්මුනා. 

මා යන විට ඇවිත් තිබුණේ නොදන්නා යම් සතෙක් විසින් සපා කෑ අයෙකු ය. ඔය අතර වාට්ටුවේ සිටින ඇදුම රෝගියෙක් වූ ජෙයපාලන් මාස්ක් එක එක අතකින් අල්ලාගෙන ඔක්සිජන් සමග නාස් කුහරය වෙත ඇදෙන දුම ආඝ්‍රහනය කරමින් සිටියේය. 

ජෙයපාලන් වයස පණස් ගණන් වන ගොවියෙකි. දිර්ඝ කාලයක් ඇදුම සඳහා ඖෂධ ගනී.මේ කාලයේ පැවති වර්ෂා තත්ත්වය නිසා විටින් විට ඇදුම සහ ශ්වසන රෝගී තත්ත්වයන් සහිත අය රෝහල්ගත වේ.
මා වෙද නළාව තබා පිට පැත්තෙන් ඔහුගේ ශ්වසනය සහ ශබ්ද පරීක්ෂා කළෙමි.

ඉක්මනින් හුස්ම ගනී.. පිට කරන්නේ කීං කීං හඬ සමග හුස්ම ගත්තාට වඩා දීර්ඝ කාලයක් වැය කරමිනි. වාට්ටුවේ බහුතරය කහිමින් සෙම් සොටු පිටකරමින් සිටී. ඒ රෝග කාරක අපටද වැළඳේ, ඇතුල් වෙන රෝගීන් හට පෙති කරල් පොවමින් අපද ඒ පෙති, කරල්ම බොමින් මේ ගත කරන කාලය ගැන මදක් නතරව සිතමි. 

“සුසුඛං වත ජීවාම ආතුරේසු අනාතුරා 

ආතුරේසු මනුස්සාස විහරාම අනාතුරා” (ධම්ම පදය) 

ආතුර වූ මිනිසුන් මැද අප අනාතුරව වෙසෙමු. ධම්ම පද ගාථාව මතකයට නැගේ. කයින් ආතුර වෙනවට වඩා දරුණු හිතින් ආතුර වෙන එක. මම මගේ හිතට එය මතක් කරදෙමින් හිත හදා ගනිමි. 

සැනෙන් බිඳෙන සසලවෙන හිත්වලින් ආතුරව ගතින් ආතුරව උදව් පතා පැමිණ ඇත්තේ අපට ආගන්තුකයන් ය. ඒ මිනිසුන්ගේ සෙම් සොටු කිවිසුම් කැස්ස සමඟ අප මුහුණු මත තැවරේ. ප්‍රෙශර් මනිමින් නළාව තබමින් ඇඟේ හැම තැන අල්ලා මිරිකා ඔබ ඔබා පරීක්ෂා කරමු. දහඩිය වැකුණු ශරීර, දිනගනන් නා පිරිසිඳු නොවූ ශරීර ඇත්තන් කිසිඳු ආවරණයක් නොමැති අත්වලින් අල්ලා ලෙඩේ හොයගන්න පරීක්ෂා කරමු. 

උදේ රෑ ආසාදන වලකාගන්න පෙති ගිල, රෑ පුරා ලෙඩ රෝග උත්සන්න වන අය සමග ඔට්ටු වී උදෑසන තඩිස්සු වූ නිදි නොලැබ විඩාබර ඇස් රැඳි මුහුණින් වාට්ටුව පුරා ඇවිදිමු. ක්ලිනික් දිනවල ක්ලිනික් දුවන්නෙමු. 

දැන් මදක් පහසුවෙන් හුස්ම ගනිමින් ඇඳේ උඩ කොටසේ මෙට්ටයට උස්සා පහසු කර දී තිබෙන හෙයින් දැන් සැනසිල්ලේ  සිටී. ඔරලෝසුවෙන් වේලාව බැලුවෙමි. පාන්දර තුනහාමාරටකිට්ටුය. ඊළඟට නිතර සොයා බලන රෝගීන් වාට්ටුවේ ඉදිරිපස කොටසේ සිටියායින් ඔවුන් ගැන සොයා බැලුවෙමි. ඩෙංගු උණ සෑදී ඩෙංගු රක්තපාත තත්ත්වය සමග පොර බදිනා, රෝගියාගේ තත්ත්වය මේ වනවිට හොඳ අතට හැරෙමින් පවතින නමුදු දවසට කිහිප පාරක් දෙවියන් සිටින අත සොයා වඳින්නට ඇඳෙන් බැස කකුල් අත පය සෝදන්නට බැරි වීම නිසා කණස්සල්ලක් ඔහුගේ හිත පෙලයි. මන්නාරම් දෙසින් ආ වැසියෙකි. 

"අනේ ඩොක්ටර් මට වන්දනා කරන්න ඕනෙමයි. දැන් දවස් ගාණක්ම මට වන්දනා කරන්න බැරි උනානේ."ඔහුව පරීක්ෂා කරද්දී පවසයි. 

“ඔබේ දෙවියන් තේරුම් ගනීවි ඔබ දැන් සුපුරුදු ලෙස වන්දනා කරන්න බැරි තත්ත්වයක ඉන්නේ කියලා. හිතින් සියල්ල හිතන්න තාත්තා. හිතේ භක්තියනේ වැදගත්ම. කය වෙහෙස කිරීම හොඳ නැහැ නෙව. ඇරත් මූත්‍රා බටේ එහෙ මෙහෙ උනොත්. බෑග් එක ගැටහලා තියෙන්නේ ඇඳ විට්ටමේ. ඉතින් එහෙ මෙහෙ දුවන්නැතුව ඉන්න තාත්තේ” 

"ඔබවද මේ ප්‍රතිකාරද දෙවියන් දෙන උදව් දුවේ"කියමින් හේ සැනසෙයි.

අපි නාඳුනන මේ සියල්ලන්ට අම්මේ, තාත්තේ සීයේ,මාමේ, අයියේ මල්ලී යැයි කියන්නේ අපේ සංස්කෘතියේ හුරුව නිසා ය. 

මෙහි වැසියන් අපට පෙරලා අම්මා හෝ අයියා යැයි පවසති. මා කලින් ලීවා මෙන් ඒ ගෞරවය හඟවන ආමන්ත්‍රනයකි. අනිත් කොන පොතේ මේ නිසා ඇතිවූ අලකලංචි ලීවා මතක් වේ. 

එළිමහන් පාරෙන් රෝහල් බුදු මැදුරට ඇවිද එන්නට සිතුන නිසා මා කෙටි පාර අමතක කළාය. නිරිත දිගින් හමන සිහිල් සුළඟට නිරාවරණව ගල් කණු සතරක් අතර මැදි කර සමාධියෙන් වැඩ සිටි බුදු පිළිමය පිහිටි කොටස රාත්‍රියේද එළිය කර තිබිණි. බුදු රුව හිත නිවා සනසයි. ඉදිරිපිට අතුරා ඇති කළුගල් ටයිල් මත හිඳගත් මම සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගි වෙත්වා යැයි මෙත් වැඩුවෙමි. මළගිය ඇත්තන්ට පින් දුන්නෙමි. සියළු රෝගී හදවත් නිවී සැනහේවා යැයි මෙත් වැඩුවෙමි. මගේ හදවත පුරා ඇවිල යන ශෝකී කම්පන ය මෙවෙලෙත් අඩු වූයේ නම් නැත. 

“ඔය බුදු මැදුරෙ තිස්සෙම රැඳෙන්න එපා. මිනිස්සු හිතයි ඔයාට ප්‍රශ්නයක් තියෙනවා කියලා” එක් වෛද්‍යවරයෙක් මට පැවසූයේ වෛද්‍ය නේවාසිකාගාරයේ භෝජනාගාරයේ ආහාර ගන්නා වෙලාවේදීය. 

“බුදුන් වඳින්නේ ප්‍රශ්න තියෙන අයද ?” මම ඇසුවේ විමතියෙනි. 

“ඔව් හොඳට බලන්න !” ඔහු කියන්නේ සමාජයේ බහුතරයකගෙන් පෙනෙනා හෝ බහුතරයක් දෙනා හිතාගෙන ඉන්නා මතයකි. 

මම දෑස් ඇරලා අවට බැලුවෙමි. අඩවන් වූ දෙනෙතින් සමමෙත් සිහිලෙන් නැහැවෙමින් වැඩ හිඳින බුදු රුව මා ඉදිරිපිට ! ඊට පිටුපසින් ගේට්ටුවේ මුරකුටිය දෙසින් මුර උන්නැහේ හිස දමා බලන්නේ මේ මහා රෑ බුදුන් වඳින්නේ කවුරුන්ද කියා විය යුතුය.

බුදුන් වැඳීම හැමෝම කළ ද බුදුන් පෙන්වූ මග ගමන් ගන්නා මිනිසුන් අල්පය. 

"කටින් බුදු බණ විදින මිනිස්සු තමයි භයංකරම, බුදු  සරණා යී.... කියලා ෆෝන් එක තියන මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න ! ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා වෝඩ් රවුන්ඩ් එක කරමින් මේ ළඟකදි ඉඳන් බුදු මැදුරක් හැදීම වෙනුවෙන් වෙහෙසෙන අපට කීවේය. 

"මේ මහ පොළොව උඩ බුදුන්, ජේසුන්, සහ සාන්තුවරයින් ඇවිද්දා, මේ සියලු ගහකොළ මේ පෘථිවි ය මත මෙලෙසින්ම ඇවිද්දා එනමුත් ඔවුන් පාරාදීසයක ජීවත් වුනා, ඔබ අපායක ජීවත් වුනා. " osho ලීවේය. ඒ හෘද සූත්‍රය නම් පොතේ ය.

To me, you are Buddhas. All your efforts to become enlightened are ridiculous if you don't accept this basic fact. This has to become a tacit understanding, that you are it! This is the right beginning, otherwise you go astray. This is the right beginning! Start with this vision, and don't be worried that this may create some kind of ego -- that "I am a Buddha." Don't be worried, because the whole process of The Heart Sutra will make it clear to you that the ego is the only thing that doesn't exist -- the only thing that doesn't exist! Everything else is real - the heart sutra

මේ දුක හරි පොඩියි !

$
0
0
 තනිවුණු දා දැනෙනා ළතැවුල් අත ගෙන
මහ ගින්නක පැන මියෙන්න සිතක් සිතනවා
සාගින්නද උහුලනු බෑ පොඩිවුන් අරගෙන පිම්මට
මහ දියකඳ බදා වැළඳ නිමක් සොයනවා

අනෙකා ඇවිදින මග තොට උන් විඳිනා මහ කරදර
ඒ ගැන වඩියක් හිතුවද ඔබෙන් අහනවා
උන් ඇවිදින ගව් සිය දුර උරහිස් දරණා බර පොදි
ඒ ගැන විමසා සිටි උන් නැතැයි පෙනෙනවා

සංසාරේ විඳිනා දුක මඟ සොයලා මඟ දකින්න
මුනිවරයන් දෙසූ දම් හඬ අදත් ඇහෙනවා
අනුන්ගෙ දුක දකින තැනදි බදා වැළඳ දරණ විටදි
මේ දුක් කඳ මොන පොඩීද කීයා සිතෙනවා

බෝධිනී සමරතුංග
2020 ජූලි
මිනිසුන්ගේ දුක් විඳීම් ගැන සත දෙකේ කතාවකින් පසු !
After discussing my 2 cent on "problems with a med friend.
(උපුටා ගැනීම හෝ කොපි කිරීම නොකරනු මැනවි)
ඇවිලෙන සිතකට දම්පැන් සොයමින් ඇවිදින කතරක
දහම් හඬින් මුලා කරන දනෝ


Viewing all 239 articles
Browse latest View live